ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන්  ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනපති වික්‍රමසිංහ පවසයි.

 ඔහු එබව කියා සිටියේ, අරලියගහ මන්දිරයේදී DIGIECON 2030 දියත් කරමිනි.

රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් වන 'DIGIECON 2030' දියත් කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එය ශ්‍රී ලංකාවට සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පත්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇතැයි  විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ඩිජිටල් ආර්ථිකය නංවාලීම සඳහා විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතන ඒකාබද්ධ කරමින් තොරතුරු තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සඳහා මේ වසරේ සහ ලබන වසරේ පිළිවෙලින් රුපියල් මිලියන 100ක් සහ රුපියල් බිලියනයක් පිරිනැමීමට ජනාධිපති වික්‍රමසිංහ ප්‍රතිඥා දුන්නේය.

{gallery}DIGIECON 2030{/gallery}

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image