ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය  අද (අප්‍රේල් 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

1940 සැප්තැම්බර් 20 දා උපත ලද කලංසූරිය, 1969 දී 'රැයත් දවාලත්' චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසියේය.

එතැන් සිට ඇරඹූ සිනමා චාරිකාවේදී, හන්තානේ කතාව, අපේක්ෂා, සාගරයක් මැද, පූජා, බඹරු ඇවිත්, අහස් ගව්ව, අනුපමා, පරිත්‍යාගය, යස ඉසුරු, සක්විති සුවය, පොඩි විජේ ආදී අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක රඟමින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගැනීමට අමරසිරි කලංසූරිය සමත් විය.

එතුමන්ගේ දේහය, මහජන ගෞරවය දක්වනු පිණිස, අප්‍රේල් 02 දින සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු අප්‍රේල් 03 දින සවස 2.00 ට බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image