අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හා අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇති බවට සුදන්ත හිමියන් සැක මතු කරති. 

ධනය බලය අනුව නීතිය නවන්න ඉඩනොතබන්නැයි ද උන්වහන්සේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිති.

වීඩියෝ 

'රාජිත හොයන්න අගමැතිගෙ ගෙදර යන්න' -ජවිපෙ කියයි 

මේ අතර අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි නිවාසවලට යෑමෙන් කිසිදු වැඩක් නොමැති බවත් ඔහු සොයා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂගේ නිවස පරික්ෂා කරන ලෙසත්ය .

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්ත්වයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැටී ඇති බවත් එසේ වී ඇත්තේ අදාල සිදුවීමට රජය සෘජුවම සම්බන්ධ නිසා බවත් අනුර දිසානායක මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සම්බන්ධයෙන් කණගාටු වන බවත්, ආණ්ඩුව රාජිත සේනාරත්න  ආරක්ෂා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රස්තියාදු කරවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

''මෑන් ෆෝ ඕල් සීසන්ස් කෙනෙක්ව කොහොමද මල්ලි ඇතුලට දාන්නෙ ''

මේ අතර මහින්ද හා රාජිත අතර දශක ගණනාවක් පුරා පවතින මිතුදම සිහිපත් කෙරෙන ජායාරුපයක් පළකරමින් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුල්සුරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
Screen Shot 2019 12 26 at 9.22.59 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්