ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු
සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ එක් රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව තිබේ.
එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේය.
එකම තොරතුරු ආයතන කිහිපයකදි එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමය වන බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන වනු ඇති බව ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.
එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
රේගුව - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා RMV අතර සම්බන්ධතාවයක් !
එසේම, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වන බැවින් අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරිමෙන් ඉහළ ඵලදායිතාවක් ළඟාකර ගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව (RMV) හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන පරිගණක පස්සේ ඒකාබද්ධ කිරීමෙන් වංචා දුෂණ අවම කිරීමටත් කාර්යක්ෂමතාවය වැඩිකර ජනතාව අපහසුතාවට පත්වීම වලක්වා ගැනීමටත් හේතුවනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසවිය.
වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරිම කෙරෙහි ද ජනාධිපතිගේ අවධානය යොමු විය.
පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාශය යටතට පැවරිමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යාංශ ලේකම්වරුන් වන චූලානන්ද පෙරේරා, මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරිහු මෙම රැස්වීමට සහභාගිවී සිටියහ.