1200 x 80 DMirror

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර

අද (08) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සුදත් චන්ද්‍රෙස්කර ක්‍රීඩා ඇමැති ජ්‍යේෂ්ඨ උපදේශක මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. ඒ අනුව ඔහු හෙට (09) සිට එම ධුර දෙකම නොදරනු ඇත.

යහපත් මානසික තත්ත්වයෙන් යුතුව රාජකාරී කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් ඉල්ලා අස්වන බව ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සදහන් කර ඇත.

 
තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දැනුවත් කළ බවද සුදත් චන්ද්‍රසේකර සඳහන් කළේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග එම ධුරයෙන් ඉවත් කරන්නැයි සුදත් චන්ද්‍රසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන් මිට ඉහතදී ඉල්ලීමක් කර තිබුනද අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නොතිබිණ.


සබැඳි පුවත් :

නීතිවිරෝධී තනතුරක් ගැන ක්‍රීඩා ඇමතිට දැනුම්දීමක් !

අර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි ක්‍රීඩා ඇමතිගේ උපදේශකගෙන් දැනුම්දීමක්

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය