ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (21) දිනයේදී වෘත්තිය සමිති කිහිපයක ම නායකයින් මුණ ගැසී ඇත.



මේ සතිය පුරාම තමා වෘත්තීය සමිති නායකයින් හමුවෙමින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය, විකිණිම හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳව හා එයට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සකාච්ඡා කරනු ලබන බව ඔහු කියා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, මෙසේ පෞද්ගලීකරණය හා විකිණීම කරන්නේ නම් ඊට හේතුව, ඇත්තටම මෙම ආයතන පාඩු ලබනවා ද?, මෙම ආයතන පාඩු ලැබුවේ කිනම් කාලයක සිට ද? නැතහොත් යහපාලන කාලයේදී ද?' පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරනවානම් එය සිදුකල යුත්තේ පාරදෘශ්‍ය ආකාරයට බවත් සියළු දෙනාගේම දැනුවත් භාවයෙන් බවත්, එම ආයතන පෞද්ගලීකරණය හෝ විකිණීම සිදු කරන්නේ නම් එම සේවකයින්ට ලබා දෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබදවත්, තවද සේවකයින් ඉවත් කරනවා නම් ඔවුන්ට නිසි පරිදි වන්දි හෝ දීමනා ලැබෙනවා ද ? යන්න සොයා බැලීම සිදු කල යුතු බවයි.

වැඩිම ආයතන ප්‍රමාණයක් විකිණීම හා පෞද්ගලීකරණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය බලයේ සිටිනු ලැබූ කාලවලදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෘත්තීය සමිති නායකයින්ට පැහැදිලි කර දී ඇත.

තවද ඕනෑම අවස්ථාවක වැඩ කරන ජනතාව වෙනුවෙන් හඩ නැගීමට තමන් සූදානම් බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේය.



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්