මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ පසු

බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්හට සහායදීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙසේද පැවසිය.

"මරණ දඬුවම ලබාදෙන ලෙස මම අත්සන් කළාට පස්සේ බන්ධනාගාරයෙන් කතා කරලා... 'අනේ සර් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. දැන් මේක අත්සන් කළා කියලා දැනගත්ත වෙලාවේ ඉඳන් බන්ධනාගාරයේ කාමර හෝදලා ඉවරයක් නැහැ. මරණීය දණ්ඩනයට නියමවූ මත්කුඩු සම්බන්ධ සිරකරුවන්.. මරණීය දණ්ඩනය නියමවෙලා ඉන්න අයට දිගට හරහාට බඩේලිය යනවා.. හෝදලා ඉවරක් නැහැ. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. පුදුම බයක් ඇතිවෙලා තියෙන්නේ.' මම ඇත්තෙන්ම පටන් ගත්තේ ඒක හතරදෙනෙකුගෙන් ඉවරකරන්න නෙමෙයි."

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්