එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතයට ද පණ පොවා ඇති දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්ය

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ. සුනිල් තිලකරත්න ඊයේ (21 දා) අලුයම අභාවප්‍රාප්ත විය.


මීරිගම, බැද්දෙගෙදර, කිතලවලාන පදිංචිව සිටි තිදරු පියකු වූ ඔහු මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය.
 
 
maname

ඔහු සිංහබාහු, නරිබෑනා, අසිනි වැස්ස, රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක දස්කම් දැක්වූ ශිල්පියෙකි. ඔහු තරණ සීගිරි ඔපෙරාවේ කාශ්‍යප රජුගේ චරිතයට පණ පෙවීය. ඔහු දායක වූ වේදිකා නාට්‍ය ඇමරිකාව, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, සිංගප්පූරුව සහ ප්‍රංශය ආදී රටවල්වල ද වේදිකාගත කර ඇත.

හෙතෙම ‘හෝගානා පොකුණ’ චිත්‍රපටයේ ද සුවිශේෂී දස්කම් පෙන්වා ඇත.

දින කිහිපයකට පෙර කුරුණෑගල පැවැති රූකඩ රාජ්ජේ නර්තනයක යෙදෙමින් සිටියදී ඔහු වේදිකාවේදී හදිසියේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව ඇත.

දේහය අවසන් ගෞරවය සඳහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දන්වන බව පවුලේ සාමාජිකයෝ කියති.
 
image 43dec42994
 
23 6493f2c54e0d7
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්