සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ 'තායි රාජා' හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන්

විජේරත්න පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු එබව සඳහන් කර ඇත.

 දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවද ඔහු පවසයි.

තායි රාජා හස්තියා ලංකාවට ගෙනැවිත් අවුරුදු 37 ක් වන බවත් මේ දක්වා ඇතා සුවයෙන් පසුවන බවත් පවසන හිටපු දියවඩන නිළමේ වරයා, ඇතා ගැන වැරදි තොරතුරු එන්ජීඕ නඩ විසින් තායිලන්තයට සපයන බවට දැනගන්නට ඇතැයි ද කියයි.

ශ්‍රී දළදා මාලිගාවට ඇත් පැටවකු පූජා කරන ලෙස තායිලන්තයේ භූමිපෝල් මහ රජතුමාගෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ගේ අනුදැනුම ඇතිව තමන් ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව එරට රජතුමා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් 1986 වසරේදි තායි රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කළ බවත් මෙම ඇත් පැටවා ඇමෙරිකාවේ යුධ ගුවන් යානාවකින් මෙරටට රැගෙන ආ බවත් හිටපු දියවඩන නිලමේවරයා පවසයි.

ඒ සඳහා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන ගේ විශේෂ අවසරය හිමි වූ බවත් ඇමෙරිකානු යුද ගුවන් යානාවක් ලංකාවට ඒම සම්බන්ධයෙන් ඒ කාලයේ විශාල කලබලයක් ඇති වූ බව ද හිටපු නිලමේවරයා කියා සිටියි.

එම ඇත් පැටවා ගෙන ආ දින සිට පසු වෛද්‍ය විජිත කුරුවිට, මහාචාර්ය නෙවිල් සිල්වා සහ වෛද්‍ය අශෝක දංගොල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුන වැඩුන බවත්, තායි රාජා ට කිසිම හිරිහැරයක් නොවන බවත් පවසන හිටපු දියවඩන නිලමේවරයා, මුතු රාජා හස්තියාගේ ප්‍රශ්නය මත තායිලන්තයෙන් දුන් ඉතුරු ඇතුන් දෙදෙනා ද ආපසු ගෙන්වා ගන්නා ලෙස එන්ජීඕ සංවිධාන හඬ නගමින් සිටින බව ද පවසයි.

image a085ece3b3

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්