ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බවත්, එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි

කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

ඔහු එබව කියා සිටියේ, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේදී ය.  

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නුසුදුසු බව ප්‍රකාශ කරන්නේ නම් එය කළ යුත්තේ කුමණ ආකාරයකින් ද යන විකල්ප මාර්ගයක් පෙන්වා දියයුතු බව කී කාරියවසම් මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් හිස් ප්‍රකාශ කිරීම පමණක් නුසුදුසු බව ද සඳහන් කළේය.

මෙය ජයග්‍රහණයක් හැටියට නොදැක්ක ද රට වෙනුවෙන් අනිවාර්යෙන් එය කළයුතු දෙයක් ලෙස දකින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට විරෝධය දක්වන පිරිස රට වර්තමානයේ පත්ව තිබෙන තත්වයට වගකිය යුතු බවත් ඔහු කීය.

කොවිඩ් ව්‍යසනය නිසා රට වැසුවද වරින් වර රට විවෘත කරන්න කළ උත්සහයේදී රට වහන්න බලකළ මේ පිරිස සංචාර ව්‍යාපාරය ආරම්භ කරන්න ඉඩ නොදී උද්ඝෝෂණ කර කඩාකප්පල් කළ බව ද නීතිඥා සාගර කාරියවසම් වැඩි දුරටත් කීය.




නාමල්ගේ ස්ථාවරය !


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හා ඊට අදාල ඡන්ද විමසීම ජුලි 01 දා පැවති අතර එයට පොහොට්ටු පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී නොවීම කැපිපෙනෙන සිද්ධියක් විය.

එම විවාදයට සහභාගී නොවීම හා ඡන්දය ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා සිටියේ, රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවය. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිනිදුම ආසන සම්මේලනය අමතමිනි.

සබැඳි පුවත් :
නාමල්, ඡන්දය වර්ජනය කළ හේතුව?





 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්