රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස ජනාධිපතිවරයාගේ ඇරයුම සම්බන්ධයෙන්

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

ජනාධිපතිවරයාගේ මෙම ආරාධනාව කුමන අරමුණක් සඳහා ද යන්න සමගි ජන බලවේගය වෙත මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බව ද හෙතෙම කීය.

ඔහු එබව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මීට පෙරද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ම සමගි ජන බලවේගයට ආරාධනාවක් කළ නමුත් කිසිදු අවස්ථාවක සාකච්ඡාවකට පැමිණ නැතැයි ද ඔහු එහිදී පැවසීය.

වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි ඉලක්කය ඉතා පැහැදිලිව සමගි ජන බලවේගය දන්නා බවත් ඔහු ජනාධිපතිවරණය බලාපොරොත්තුවෙන් මේ සියලු දේශපාලන යෝජනා සිදු කරන බවත් ඔහු සඳහන් කළේ ය.



බංකොලොත් වී තිබෙන රට වෙනුවෙන් ඕනෑ ම දෙයක් සිදු කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ, නම් එයට සහයෝගය ලබා දෙන බවත් සජබ මහ ලේකම්වරයා අවධාරණය කළේය.

 

එසේ ම, තමන්ගේ පක්ෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයවත් රැකගත නොහැකි වූ ජනාධිපතිවරයා විපක්ෂ නායකකම සමගි ජන බලවේගයට ආරක්ෂා කර දීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථකවනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවයේදී ජනාධිපති වික්‍රමසිංහ පසුගිය සඳුදා (ජූලි 3) සඳහන් කළේය.

(mawbima.lk)



සබැඳි පුවත් :

ජනාධිපතිගෙන් විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනාවක්

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්