ජුලි 26 වන බදාදා දිනයේ කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති වික්‍රමසිංහ ගේ ඊලග ජනාධිපතිවරණය සඳහා වූ බොරු රංගනයක් බව නිදහස

ජනතා සභාවේ ප්‍රධානියකු වන මහාචාර්ය චරිත හේරත් පවසයි.

ඔහු එබව සඳහන් කළේ නිදහස ජනතා සභා මුලස්ථානයේ අද (24) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකදීය.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික හමුවක් ජුලි 26 වන දින (බදාදා) පස්වරු 5.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වල නායකයින්ට මේ සඳහා සහභාගිවන මෙන් ජනාධිපති කාර්යාලය විසින් මේවනවිටත් ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

එම සමුළුව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කළේය. 

 

'' රනිල්ගේ සර්ව පාක්ෂික ලණුව අපි භාර ගත් යුතු නැති බව මගේ පෞද්ගලික අදහසයි. බොරු සර්වපාක්ෂික රැස්වීම වලට පෙර 13 වන සංශෝධනය ගැන ආණ්ඩුවේ මතය කියන්න. රනිල් එකක් කියනවා. දිනේශ් වෙන එකක් කියනවා. සාගර තව එකක් කියනවා. ඒ අය අතරවත් එකගතාවක් නැහැ. ආන්ඩුවේ එක මන්ත්‍රිධූරයක් තියෙන ජනාධිපතිතූමාගේ පක්ෂය මේකට කැමතියි. මන්තීධූර දෙකක් තියෙන අගමැති දිනේශ් අකමැතියි. මන්ත්‍රීධූර 90 විතර තියෙන පොහොට්ටුව අකමැතියි. සාගර ඒක එලිපිටම කිව්වා. ඒ නිසා සර්ව පාක්ෂික රැස්වීම් තියන්න ඉස්සර ආණ්ඩුවේ අය එක මතයකට ඇවිත් කියන්න. ''

 

අපිට පළාත් සභාවල බලය වැඩි කරන්න කථා කරන ජනාධිපතිතුමා අගමැතිව ඉන්න කාලේ තමයි පළාත් සභා ජන්ද ක්‍රමය අකුලල දැම්මේ. වැඩි බලය් කෙසේ වෙතත් තිබුන බලයවත් දුන්නු නැති අය අපෙන් අහනව බලය වැඩි කරන්නද කියල. මේව රට විහිලු.

තවත් ප්‍රශ්නයක් තියෙනව. ඉන්දියාවත් එක්ක මේ ගිවිසුම් ගහන්න කවුද මේ ජනාධිපතිට බලයක් දුන්නේ? අනුප්‍රාප්තික ජනාධිපතිලට රටේ වරායවල් වෙන රටවලට පවරන්න බලය් දුන්නේ කවුද?  

මේක රනිල්ගේ ඊලග මැතිවරණය තමන් "හොද ලමයා" වෙන්න ගහන ගේමක්. විපක්ෂය මේ ලණු කන්න හොද නැහැ.

මගේ පෞද්ගලික මතය නම් 13 සංශෝධනය බලාත්මක කලොත් රටේ ජනවර්ග අතර එකගතාවක් එනව නම් ඒකට අපි කැමති විය යුතුයි. ඒත් පලාත් සභා ක්‍රමයම වහපු වික්‍රමසිංහ මහතා ඒ බලය ගැන කථා කිර්‍ර්මේ කිසිම තේරුමක් නැහැ.

මේ සර්ව පාක්ෂික රැස්වීම ගැන නිදහස ජනතා සභාවේ තීරණය ඉදිරියේදී ගනිවි. ඒත් මගේ පෞද්ගලික අදහස වන්නේ මේක බොරු රංගනයක් කියන එකයි.''



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image