යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් කෙසෙල් වත්ත මාටිස් ලේන් ප්‍රදේශයේ හෝටලයක් තුල දී පුද්ගලයෙකුට ටි 56 ගිනි අවියකින් වෙඩි
තබා ඝාතනය කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා කොළඹ 12 සවුන්ඩෙන් ප්‍රදේශයේ පදිංචිව සිටි රවින්ද ඩිල්ශාන් නැමැති 20 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධනුක නමැත්තා ගේ ගෝලයකු බව පොලීසිය සඳහන් කරයි.
මියගිය තරුණයා මාටිස් පටුමග ප්‍රදේශයේ වෙළදසැළක් ඉදිරිපිට රැදී සිටියදී යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ඔහු ඉදිරිපිට යතුරුපැදිය නතර කොට වෙඩි තැබීමට උත්සහ කර තිබිණ.
එම අවස්ථාවේදී තරුණයා වෙළඳසැළක් තුළට දිවගොස් ඇති අතර, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයෙකු ඔහු පසුපස හඹාගොස් වෙළඳසැළ තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
වෙඩි වැදී ඇත්තේ ඔහුගේ හිස ප්‍රදේශයට බව පොලීසිය සඳහන් කරයි.