ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව,

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ව තවදුරටත් ආණ්ඩුවේ උපදේශක තනතුරක තබා ගත නොහැකි බව 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  උවිඳු කුරුකුලසූරිය පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්ව ඇති වෝහාරික වාර්තා මගින් අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්ට එල්ලවී ඇති බරපතල චෝදනා පිළිබඳව අවධානය යොමු කරමිනි.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''දැන් මේ ස'ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශණයෙ තියෙනව විදියට වැඩ කරයිද? කබ්රාල්ව තාම තියාගෙන ඉන්නත් බැහැ ඒකෙ තියෙන සමහර පොරොන්දු අනුව.''

කලම්බු ටෙලිග්‍රාෆ් කතුවරයාගේ තවත් FB පොස්ටුවක මෙසේ සඳහන් වේ.

''බොන්ඩ් කිංලාගේ පවුල් ගස් දෙක. කබ්රාල් බයවෙලා තියෙන්නෙ ඒ නිසා වගේ. කබ්‍රාල්ගෙ සහෝදරී, බ්‍රදරින්ලෝ, කසින්ල, නීස්ල ඔක්කොම ඉන්නව ඒ ගේමෙ. අනිත් ගේමෙ අර්ජුනයි, බෑනයි.''

 

උවිඳු කුරුකුලසුරිය ඔහුගේ තවත් FB පොස්ටුවක මෙසේ ද සඳහන් කර තිබේ.

ඉස්සර කිව්වෙ මහ බැංකුව කඩල හොරා කෑව කියල,
දැන් කියන්නෙ රජයට පාඩුකරා කියල.
අලුත් කට්ටියක් අහුවෙලානෙ

 

'කබ්රාල් අත්අඩංගුවට ගන්න' - මෛත්‍රීත් කියයි

Maithri Gunaබැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන බවට ජනතාව හමුවේ පොරොන්දු වූ පරිදි,  මේවනවිට වෝහාරික වාර්තාවෙන් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති 'බොන්ඩ් කින්' අජිත් නිවාඩ් කබ්රාල් සහ ඔහුට අනුබල දුන් අය ද වහාම අත් අඩංගුවට ගන්නයි හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.

පෙරේදා (25) හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එම ඉල්ලීම කළේය. 

"අද පැහැදිලිව තියෙනවා අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහබැංකු අධිපතිතුමාගෙ කාලෙ විශාල මහබැංකු වංචාවල් සිද්ධවෙලා තියෙනවා කියලා. මේ ගොල්ලොන්වත් අත් අඩංගුවට ගන්න. අර්ජුන මහේන්ද්‍රන්වත් අත් අඩංගුවට ගන්න. මේවට අනුබල දීපු කට්ටිය අත් අඩංගුවට ගන්න. මේක තමයි ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට පොරොන්දු වුණේ.

ඔබතුමාට මාස තුනක් තියෙනවා. මේ මාස තුන තුළ ඔබතුමාට ඒ පොරොන්දු ටික ඉෂ්ඨ කරන්න පුළුවන්. මේ පොරොන්දු ටික ඉෂ්ඨ කරන්නෙ නැත්නම් තුනෙන් දෙකේ බලයක් නෙවෙයි මේ ආණ්ඩුවට නැවත බලයක් දෙන්න එපා කියන එක තමයි අපට මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න සිද්ධ වෙන්නෙ" යයි මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත්  සඳහන් කළේය.

 

''වංචා වසන් කළ යුතු නෑ. අපේ අයවුනත් අල්ලන්න' - ඇමති කාංචන

Kanchana talkමේ අතර ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ද පවසන්නේ, එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් නොකොට, වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

පෙරේදා (25) මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය..

"ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවෙ ඇමතිවරු හැටියට අපි ඉල්ලීමක් කරනවා. කවුරු හරි වංචාවක් කරලා තියෙනවා නම් පහුගිය ආණ්ඩුවෙ හරි අපේ ආණ්ඩුවෙ හරි ඒ පිරිසට දඬුවම් කළ යුතුයි. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕනෙ. ඒක වසන් කළ යුතු නෑ...

ඒ වසන් කළ යුතු නෑ වගේම අපි ඉල්ලීමක් කරනවා. පොලිස් පරීක්ෂණ යනවා, ජනාධිපති කොමිෂන් සභාවකින් පරීක්ෂණ කරලා තියෙනවා, නම් කරලා තියෙන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

දැන් මේ වෝහාරික විගණන වාර්තාව මුල් කරගෙන් පහුගිය කාලෙ සිදුවෙච්ච අනාවරණය කිරීම් යටපත් කරන්න නම් උත්සාහ කරන්නෙ, අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් එහෙම යටපත් කරන්න දෙන්න එපා" යයි ඔහු කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්