කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (28) පැවසීය.


ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු කීය.

එහෙත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනාගෙන් 204 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණ සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි පිරිස ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිත චීන ජාතිකයකු මෙරටින් හමුවීමත් සමඟ පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පැතිරයන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.


සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ, මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේ දී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවට !

මේ අතර නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුයේ, චීනයේ වුහාන් සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් දියතලාවේ පිහිටි යුධ හමුදා කඳවුරේ පිහිටි විශේෂිත ස්ථානයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පියවර ගෙන ඇති බවයි. 

වුහාන් සිට පැමිණෙන මෙම ශ්‍රී ලාංකික සිසුන් සති දෙකක පමණ කාලයක් එලෙස දියතලාව හමුදා කඳවුරේ නතර කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.

චීනයේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද මෙරටට පිටත් කර එවීමට නියමිත බව චීනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තනාපති කේ කේ යෝගනානන්ද් මෙසේ පැවසිය.

හඬපටය -1

තවදුරටත්  ඔහු මෙසේද කියා සිටියේය.

හඬපටය -2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්