සමගි ජන බලවේගයේ හාලිඇල ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ප්‍රමුඛ පෙළේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ පත් කර ඇත.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (12) ඊට අදාළ පත්වීම් ලිපිය භාර දුන් අතර එම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අශෝක් අබේසිංහ සහ නලින් බණ්ඩාර සහභාගී වූහ.
ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මීට පෙර ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ, ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ජාතික සන්නිවේදන විශේෂඥ සහ චීන ජාත්‍යන්තර ගුවන් විදුලි හා රූපවාහිනී ආයතනයේ සන්නිවේදන විශේෂඥවරයා ලෙසද කටයුතු කර ඇත.