ප්‍රවිණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තවදුරටත් විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
ඇතැම් අදහස් එතුමන් රටට සහ මෙරට කලාවේ පෝෂණයට සිදු කළ අනූපමය මෙහෙය පවා දෙවන තැනට දමමින් සිදු කරන ප්‍රකාශයි.
ජැක්සන් ඇන්තනී මහතාට කෘතිම ස්වසනය ලබා දෙන වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම හා රෝහලේ සිටි දින ගණන ඒ අතරින් ප්‍රධානයි.
ඒ අනුව සමාජයේ බොහෝ දෙනෙකු මතු කරන ගැටලු සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' ජැක්සන් ඇන්තනී මහතා දින 450කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රෝහලෙන්ම ප්‍රශ්න කර තිබුනා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එහිදි ප්‍රකාශ කර තිබුනේ, පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකර දේහය මුදා හැරි බවයි.
සමාජයේ කතා බහට ලක්වන කරුණු රැසක් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සමඟ සිදු කළ ''රතු කට්ට'' විශේෂාංගය පහත හඬපටයෙන් අසන්න.