ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර තිබේ.


සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් එම පත්කිරීම අද (31) සිදුකර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මෙම පත්වීම ප්‍රදානය කර තිබේ.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වූ අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ ඔහු මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.

සෞඛ්‍ය ලොක්කන් තුන්දෙනෙකුට විදෙස් ගමන් තහනමක් 

මේ අතර ව්‍යාජ ලේඛන භාවිතා කරමින් මානව ප්‍රතිදේහ හෙවත් හියුමන් ඉමියුනෝග්ලොබින් එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වන ලදැයි කියන සමාගමකට සහ එහි ප්‍රසම්පාදන කටයුතු සිදුකරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා ඇත. 

ඒ අනුව සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් 'අරුණ දීප්ති', ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයට මෙලෙස විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ ඊයේ (30) කළ කරුණු දක්වනු ලැබිය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන මස 16 වනදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර ඇත. 

අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සහ පුද්ගලයන් කිහිපදෙනෙකු එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණ. එමගින් රුපියල් මිලියන 130කට අධික වංචාවක් සිදුව ඇති බවටද මෙම සංවිධාන චෝදනා කරති.

අදාල විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත ලිපියක් යොමුකර තිබිණ.

jhszdflkf
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධතිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ අනුකාරක සභාව මොරටුව විශ්වවිද්‍යාලයට උපදෙස් ලබාදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු කළමනාකරණ පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති නමුත් සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීමේදී එහි දායකත්වය පිළිබඳ අනුකාරක සභාවේ අවධානය යොමුව ඇත.

දිවයින පුරා රෝහල් 723ක ස්ථාපිත කර ඇති ස්වස්ත තොරතුරු කළමනාකරණ පද්ධතිය, තවත් රෝහල් 436ක ස්ථාපිත කිරීමට කාල රාමුවක් සකස් කරන ලෙස ද අනුකාරක සභාව උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සබැඳි පුවත් :

ඉමියුනෝග්ලොබියුලින් මගඩිය : අමාත්‍යංශයේ වරද ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පිට පැටවීමේ සුදානමක් !

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද?  ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?

ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදාහැරී අය නිදැල්ලේ !

කුඨ ලේඛන සකසා අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දැමීම සම්බන්ධව CID විමර්ශන ඇරඹේ

රෝගීන්ගේ ජිවිත අනතුරේ ! - කූට ලේඛන සකස් කොට අති සංවේදී ඖෂධයක් රෝහල්වලට දාලා !

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝගයක්

ගැටලුකාරී ඖෂධ සමාගමේ ඇණවුම් සහ ගෙවීම් අවලංගු කරයි


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image