මාස එක හමාරකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින නැගෙනහිර පලාතේ කිරි ගොවීන්ගේ ගැටළු විසදීම සදහා කඩිනම්

පියවර ගන්නා ලෙස බලකරමින් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක් දියත් කර තිබේ.

නොවැම්බර් 2 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය පිහිටි වන්දාරමුල්ලෙයි සිට මඩකලපුව සිත්තාන්ඩි පාසල දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි උපාධි අපේක්ෂකයන් අනතුරු අගවා ඇත්තේ බලධාරීන් මෙම ගැටළුව කඩිනමින් විසදීමට ක්‍රියා නොකළහොත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

"මේ සඳහා රජය සහ ජනාධිපති සාධාරණ විසදුමක් ලබා දෙන්න ඕන. නැත්නම් උතුරු නැගෙනහිර දෙමළ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරියේදී මීට වඩා විශාල විරෝධතා පෙළපාලි කරලා මේකට විසදුමක් ලබා ගන්නවා," යි  විරෝධතාවයට එක්ව සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කලා සහ සංස්කෘතික පීඨයේ ශිෂ්‍ය සංගම් නායක රොබින්සන් සදහන් කළේය.

මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන්ගේ අඛන්ඩ විරෝධතාවයට දින 49 ක් සපිරෙන දිනයේ විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවය දියත් කර ඇත්තේ ‘අපේ ඉඩම් අපිට අයිතියි, පීඩනය ඇති කරන්න එපා, පුරා විද්‍යාව මුවාවෙන් කෝවිල් කඩන්න එපා, සිවුරෙන් අපිව තලා දාන්න එපා’ ආදී සටන් පාඨ ද පෙරටු කරගනිමිනි.

Govi 2023.11.04මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.

විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පෙන්වා දෙන්නේ සිය ගවයන් තණකොළ කෑම සදහා භාවිත කළ ඉඩම් අක්කර දෙදාස් පන්සීයක් පමණ භුමි භාගයක් සිංහල ගොවීන් විසින් හේන් කටයුතු වෙනුවෙන් මේ වන අත්පත්කරගෙන තිබීම නිසා කිරී ගොවීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

 
මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.
කිරි ගොවීන් පෙන්වා දෙන්නේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ බිම් අක්කර 6000 ක භුමියෙන් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින්නේ සරුසාරෙට තෘණ වැවෙන අක්කර 2500 ක  ප්‍රදේශයක් බවයි.

ජනාධිපතිවරයා පසුගියදා නැගෙනහිර පලාතේ සංචාරයක නිරත වු අවස්ථාවේ සිය ගැටළු වලට විසදුම් ඉල්ලා විරෝධතා දියත් කළ කිරි ගොවීන්ට පොලීසිය විසින් පහර දී තිබුනි.

නැගෙනහිර සංචාරය අතරතුරදී ජනාධිපතිවරයාට විරෝධතා දැක්වු බෞද්ධ භික්ෂුවක් සහ මන්ත්‍රීවරයකු ඇතුළු හතලිස් දෙනකුට එරෙහිව පොලීසිය මේ වන විටත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර චුදිතයන් සාතිශය බහුතරය දෙමළය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔක්තෝබර් 15 වැනි ඉරිදා කිරි ගොවි ගැටළුවට විසදුම් සෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දෙමළ ජනතා නියෝජිතයන් පැවැත්වු සාකච්ඡාවේදී කිරි ගොවීන්ගේ ඉඩම් අත්පත්කරගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පොලිසියට සහ මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව දෙමළ ජනතා නියෝජිතයන් මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනත් කිරි ගොවීන්ගේ ගැටළුවට මේ දක්වා විසදුමක් ලැබි නොමැති බවයි
 

              

Nagenahira 2023.11.04
 
 
 
WhatsApp Image 2023 11 03 at 19.11.22 5fdb5551

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්