පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසු රජය විසින් පත්කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය සඳහා නායකත්වය සපයන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන්,

පසුගිය කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කළ විමර්ශන වාර්තාවලින් චෝදනා එල්ලවූවන් බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය (JDS) විසින් ඒකාබද්ධව නිකුත් කර ඇති පිටු 26ක සංක්‍ෂිප්ත වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ අදාළ චෝදනා පිළිබඳ විධිමත් විමර්ශන ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බව ය.

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූ යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ද, හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටිය දී සිදුකළ ළමා ලිංගික අපහරණයන් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලව ඇති සේනාංක හා බල ඇණිවලට අණදීමේ වගකීම උසුළා ඇත්තේ මෙම නිළධාරීන් බව ද වාර්තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරු 8 දෙනකු පිළිබඳ වෘත්තීය තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් හා ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධ වගකීම පවරා පත්කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතේ සෙබළුන් 10,000කට නොඅඩු ප්‍රමාණයක් යොදවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණි.

අදාළ වාර්තාව මෙසේය,

0001

0002

0003

0004

0005

0006

0007

0008

0009

0010

A 11

A 12

A 13

 A 14

 A 15

 A 16

 A 17

 A 18

 00190019

 0020

 0021

0022

0023

0024

0025

0026

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්