කොටිකාවත්ත සණස සමිතියේ සභාපති ඇතුළු හත් දෙනෙකු සමිති කටයුතු වලින්නෙරපා හැර තිබේ. 

 

ඒ, සමිතියට රුපියල් කෝටි 20 කට අධික පාඩු සිදු කර ඇති බවට වූ චෝදනාව මතයි.


දූෂිත ගණු දෙනු සිදු කර කෝටි 20 කට අධික පාඩුවක් සමිතියට සිදු කර ඇති බවට චෝදනා මත සණස සමිතියේ සභාපති සරත් විදානපතිරණ ඇතුළු කාරක සභිකයන් හත් දෙනෙකුට එරෙහිව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණ අතර එම චෝදනා සදහා එකි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු ප්‍රතික්ෂේප කරමින් වසර හතක් යන තෙක් කිසිදු සමූපකාර සමිතියක නිලයකට පත්වීම, හෝ තේරීපත්වීම තහනම් කර ඇත.

 

මෙම සමිතියේ සිදුව ඇති දැවැන්ත වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සාමාජිකයන් සමූහයක් විසින් කොළඹ මහාධිකරණයේ පවරන ලද එච්.ඒ.08/2018 දරන නඩුවේ රිට් නියෝගයට අනුකූලව බස්නාහිර පලාත් සමූපකාර කොමසාරිස්වරයා විසින් නිසි පරිදී පරික්ෂණ පවත්වා මෙම නිළධාරින් හත් දෙනා වරදකරුවන් බවට තීරණය කර මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

 

තහනමට ලක් වූ කාරක සභිකයන් සභාපති සරත් විදානපතිරණ, ලේකම් ඇල්වලගේ සිසිර කුමාර, ලඛිත ධනුෂ්ක පීරිස්, මාධවි මේඛලා, ටිලංජන කුරුවිට ආරච්චි, ලයනල් ගුණපාල, සුජිත් නිමල පෙරේරා සහ සෝමසිරි පෙරේරා යන අට දෙනා යි.

මෙම නිලධාරීන් අතුරින් සභාපතිවරයා වූ සරත් විදානපතිරණ යන අය විසින් අත්තනෝමතික ලෙස, සමිතියේ කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව තමන් විසින් තෝරාගත් සාමාජිකයන් කීප දෙනෙකුගෙන් අය විය යුතු ණය සදහා පොලී කපා හැර සමිතියට රු. 2,543,823.00 ක් අහිමි කර ඇති බවත්, සමූපකාර සමිති ප්‍රඥප්තිය සහ නීති උල්ලංඝණය කරමින් හෝටල් ව්‍යාපෘතියක් ඉදි කර 2015 වසරේ සිට 2022-12-31 දින දක්වා සමිතියට රුපියල් දාහත් කෝටි පනස් ලක්ෂ තිස්නවදාහ් එකසිය අනූ දෙකක මුදලක් පාඩු සිදු කර ඇති බවටත්, සමූපකාර සමිති නීති සහ ප්‍රඥප්තියේ නියමයන් නොසළකා හරිමින් 2015 වසරේ දී පමණක් රුපියල් දෙකෝටි දාසය ලක්ෂ හාරදාස් එකසිය හැත්තෑ එකක මුදලක් කිසිදු විනිවිදභාවයකින් තොරව වැය කර ඇති බවටත් සමූපකාර කොමසාරිස්වරයා විසින් තීන්දු කර ඇත. 

සමූපකාර කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයේ පිටපතක් පහත පළවේ. 

Coop Com Rule1Coop Rule 2.page11Coop Rule 2.Page21

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image