මෙරට තරුණයින් අතර HIV ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්නට ලැබෙන බව

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක පැවසුවාය

ඒ, අනුව ඇය පවසන්නේ පරිදි 2022 වසරේ හඳුනාගත් HIV ආසාදිතයන් 607 දෙනාගෙන් 73කම් තරුණ ප්‍රජාව බවත්, එම පිරිස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නන් බවත්ය.

ඇය මේ බව කියා සිටියේ, දෙසැම්බර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක ,

'' 2018 ඉඳලා අවුරුදු 15ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. 2022 දී හඳුනාගත් නව එච්.අයි.වී. ආසාදිතයන්ගෙන් 73 දෙනෙක්ම මේ තරුණ ප්‍රජාව. ඒ කියන්නේ සියයට 12ක්. ඒ අතරින් 66 දෙනෙක්ම පිරිමි පුද්ගලයන්. ඒ නිසා තරුණ පරපුර අතර එච්.අයි.වී. වළක්වා ගැනීම ඉතා වැදගත්.

තමන්ගේ ලිංගික සම්බන්ධතාව විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමග පවත්වන්න. වෙනත් සම්බන්ධතා පවත්වනවා නම් ආරක්‍ෂිත උපක්‍රමයක් හැටියට කොණ්ඩමයක් භාවිත කිරීම වැදගත්. දැනටමත් අපි දිවයින පුරා සායන 41 ක්ම කොණ්ඩම් නොමිලේ ලබා දෙනවා.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්