බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම කාදිනල් හිමිපාණන්

පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කර ඇත.

වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කරති.

එසේම මෙම පත්කිරීම පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙස ද උන්වහන්සේ හඳුන්වති.

කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.


2019 අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු දිවයින පුරා ඉලක්ක 08කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ අවස්ථාවේදී එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ - උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබිය.

එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට එවක සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදා පංච පුද්ගල කොමිසමක් පත් කළේය.

කොමිසම විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබුණි.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වී ඇතැයි චෝදනා කරමිනි.

කෙසේවුවද ඊට අදාලව පොලිස් කොමිසම විසින් සිදුකළ විනය පරීක්ෂණයෙන් දේශබන්දු තෙන්නකෝන් එකී චෝදනාවලින් නිදහස්වී ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.  ඒ සම්බන්ධයෙන් වූ පහත සටහනද ඔහු අප වෙත යොමු කළේය.

NPC 2023.11.30

බරපතල අනතුරක් !


කරුණු එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කාදිනල් තුමන් හා කතෝලික සභාව තවදුරටත් දැඩි ලෙස විවේචනය කරන්නේ නම්, ඊට එරෙහිව මහ සංඝරත්නයේ හා සිංහල බෞද්ධ සංවිධානවල විරෝධය පලකිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සබැඳි පුවත් :
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්