කොළඹ මහල් නිවාස 50,000කට ඔප්පු ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා සිය අයවැය කතාව මගින් සිදුකළේ ජනතාව මුලා කිරීමක්

බව ‌සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පැවසීය.

කොළඹ නිවාස ඇත්තේද 14,512ක් පමණක් බව ඔහු කියා සිටියි. 

සජබ මාධ්‍ය ප්‍රකාශක මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පිළිබඳ ඊයේ (29) පැවති වැය ශීර්ෂ විවාදය අරඹමිනි. 

කොළඹ නාගරික නිවාස හිමියන්ට නිවාස පැවරීමේ අයවැය යෝජනාව ඉදිරිපත් කළේ, සාගල රත්නායක කොළඹට පත්කොට මැතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කරවීමට බව කී මරික්කාර් මන්ත්‍රීවරයා, හැකිනම් තරඟකොට ජයග්‍රහණය කර පෙන්වන ලෙස අභියෝගයක්ද කළේය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසිය. 

''ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයට එක්කන් ගියා''

'' මේ අයවැය ඉදිරිපත් කරන කොට ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයට එක්කන් ගියා. මම දැක්ක ප්‍රසන්න රණතුංග ඇමතිතුමා මේ ගෙවල් 50000 කට ඔප්පු දෙන්න යනවා කිව්වාම. කොළඹ ගෙවල් 50000 නැහැ UD එකට ඔප්පු ලබා දෙන්න. මං ගාව තොරතුරු තියනවා ගෙවල් 14,512. කෙටියෙන් කිව්වොත්, මිහිඳුසෙන්පුර ව්‍යාපෘතියෙන් නිවාස 500 ක්, ලක්මුතුසෙවන ව්‍යාපෘතියෙන් නිවාස 118 ක්, මෙත්සර උයන ව්‍යාපෘතියෙන් නිවාස 430 ක්, ඒ වගේ නිවාස ව්‍යාපෘති 24 කින් තියෙන්නෙ ගෙවල් 14,512 ක්. මේ UD එකෙන් විතරක් හදපු නිවාස නෙමෙයි. රණසිංහ ප්‍රේමදාස මහතා දීපු ඒවත් තියනවා කියලා කිව්වොත් ඔව් , ඒක හරි. 

නමුත් ඔප්පු දෙන්න බෑ. මුල් ඉඩම් අයිතිකාරයෝ නෑ. ගිය ආණ්ඩුව දෙන්න පුළුවන් ඔප්පු ටික දුන්නා. උදාහරණයකට කොලොන්නාවේ වීරසිංහ මල්ලිආරච්චි මන්ත්‍රීතුමා ජනතාව පදිංචි කලත් මුල් අයිතිකාරයෝ හොයාගන්න බෑ. මම ගියා ප්‍රේමදාස මහතා දීපු මාලිගාවත්තෙ නිවාස සංකීර්ණයට. මෙම නිවාස සංකීර්ණයට ඔප්පු තියනවාද නැද්ද බලන්න , ජනාධිපතුමාගෙ කතාවෙන් පස්සෙ.

අවුරුදු 30ක් කුලී ගෙවලා ඔප්පු අරන් ඉවරයි. සමහර ගෙවල්වල ඉන්නෙ දෙවනි අයිතිකාරයෝ. මේකෙ බොරුව කොතරම් නම් , මේකට ඔප්පු ලබා දිය යුතුයි. කොළඹ ඉන්න ජනතාවට ඔප්පු ලබා දීමට රනිල් බැඳී ඉන්නවා. මම එතුමාට කිව්වා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශය ලේකම් වෙලා ඉන්නකොට කොළඹ නගරයේ UNP ජනතාවගෙන් පළිගන්නවා කියලා. මේ මිනිස්සු අපිව දිනෙව්වා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඔප්පු කලා එයින් වැඩක් නෑ කියලා. නමුත් ඇඳ ඇඳ හිටියා.''

 

'' පහුවෙලා හරි ජනාධිපතිට අදහසක් පහළ වීම ගැන මම සතුටු වෙනවා. මේක ප්‍රායෝගික බොරුවක්. මොකද මේක කරනවා නම් මෙයට වියදම් වෙනවා බිලියන 53ක්. පදිංචි අයගෙන් බිලියන 8ක් ද මහාභාණ්ඩාගාරයෙන් බිලියන 9 කුත්, එතකොට බිලියන 17ක් එන්න ඕන. මේ අයවැයෙන් බිලියන 17ක් වෙන්කරලා නෑ. 

 

මේවා බොරු සුරංගනා කතා....

මේ අවුරුද්දෙ මහාභාණ්ඩාගාරයෙන් බිලියන 2ක් අනිත් පැත්තෙන් අරන් තියනවා. ගිය අවුරුද්දෙ බිලියන 500ක් අරන් තියනවා. මේ අවුරුද්දෙ නාගරික නිවාස හදන්න වෙන්කරලා තියනවා බිලියන 11 ක මුදලක්. මේ අයවැය යෝජනා විතරයි. යෝජනා කරන සම්පූර්ණ මුදල ලැබෙන්නෙ නෑ. ගිය අවුරුද්දෙ UD එකට වෙන්කල මුදල් ලැබුණද? ඒ වෙනුවට UD එකෙන් අනිත් පැත්තට ගත්තෙ මොකද හේතුව මහජන බැංකුවට ණය ගෙවන්න තියනවා. භාණ්ඩාගාරයෙන් මේ බිලියන 17 ගෙවනවද? දැන් හදලා වෙන්කරලා තියෙන්නෙ බිලියන 11යි. එතකොට නවතා දමපු ව්‍යාපෘති තියනවා. කොළඹගේ මාවත නිවාස ව්‍යාපෘතිය නවතලා. පිරිවැය බිලියන 8යි. වෙන්කරපු මුදලවත් ලබාදෙයි කියලා විශ්වාසයක් තියනවාද? ටොරිංටන් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවත්තලා තියනවා. ඒකට පිරිවැය බිලියන 3.6ක් . ඒ නිසා මේවා බොරු සුරංගනා කතා. 

මම උදාහරණයක් දෙන්නම්, 2016 කොලොන්නාව ගංවතුර ආවාම මම මේවා කරන්නම් කියලා රනිල් මහතා පොරොන්දු වුණා. හැබැයි මම පස්සෙන් පන්නලා වැඩ කරගත්තා. පළවෙනි වටයේ ගෙවල් 7000 ට රුපියල් 25,000 ගානෙ දුන්නා. දෙවනි වටයේ 19,000 ට නිවාස වංදි බිලියන 1.9 ක් ලබා දුන්නා. මදිපාඩු වෙච්චි අයට මම බලපෑම් කරලා නිවාස 4000 කට රුපියල් 20,000 ගානෙ 2019/08/08 කැබිනට් පත්‍රිකාවක් අනුමත කලා. ජන්දෙ එනකොට මහින්ද ගිහින් ලියුම් දීලා සති දෙකකින් දෙන්නම් කියලා පොරොන්දු වුණා. දැන් අවුරුදු 4ක් වෙනවා සත 5ක් නෑ. එකල අදාළ අමාත්‍යවරයාගෙන් මම සල්ලි ඉල්ලුවාම අගමැතිතුමා ගෙන්නලා එකපාර බෙදලා දාමු කියලා කිව්වා. මම දිනයක් ගන්න ගියාම කිව්වා ඔයා සජිත් පස්සෙ යනවා ඒ නිසා ජන්දෙ දිනන්න ඕන නෑ කිව්වා. වැඩිය ඕන නෑ පහත් බිම් අධිකාරියේ පොම්පාගාර හදන්න සල්ලි ඉල්ල ගත්තෙ අයවැයට විරුද්ධව ජන්දෙ දීලා. ''

 

'' කොළඹ නගරයේ නිවාස 14,512 න් දැනට පදිංචි කරලා තියෙන්නෙ 12,300 . 300 සඳහා ඔප්පු දෙනවානම් අත් දෙක උස්සලා සහයෝගය ලබාදෙනවා.  ජනාධිපතිතුමා ණයයි ඒ මිනිස්සුන්ට. මේක සාගල රත්නායකට කොළඹ ජන්ද කරන ජන්ද ගුණ්ඩුවක්. ''

 

ගිය අවුරුද්දෙ මම අභියෝගයක් කලා 200 ක් ගෙන්නලා මැද කොළඹ රැස්වීමක් කරන්න කියලා. අළුත්කඩේ ඇවිල්ලා තිබ්බා පොලිස් නිලධාරීන් 200කට ජනතාව 50ක් වගේ. අපිට නම් සාමාන්‍ය විදිහට මැතිවරණය පවත්වන්න පුළුවන්. ඕනෑම රටක ඉදිකිරීමේ ක්ෂේත්‍රය දියුණු වෙනවනම් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යශයට විශාල වගකීමක් තියනවා මෙම රට වැටිලා තියන තැනින් ගොඩ ගන්න . මොකද අපි වෙන රටකට ගියාම එම රටේ දියුණුව දකින්නේ එ රටේ අගනුවර ගොඩනැගිලි බලලා. මෙම අමාත්‍යංශයට වෙන්කරන මුදල  1.1  % වෙනකොට ජනාධිපති වැය දෙගුණයකින් වැඩි කරලා. UD එකට වෙන්කරපු ගාණ නැවත ලැබේයි කියලා විශ්වාසද?..

සජිත්ට මඩගහන්න කට්ටියක් එකතු වේලා....

බලන්න නිවාස හා සංවර්ධන අමාතයංශයේ වැය ශිර්ශ .කොළඔන් පිට අඩු අධායම් ලාභින්ට නිවාස හදන්නේ කොමද කියලා අයවැයේ කිසිදු සදහන් කිරිමක් නෑ. 2021 වන විට නිවාස අවශ්‍යතාවයෙන් 20% තිබ්බත් මෙ වන විට එය 40% වෙලා. පිලිගන්න අවශයයි පොහොට්ටු ආණ්ඩුව ආවේ ග්‍රාමීය මිනිසුන්ගේ ඡන්ද වලින් කියලා. නමුත් ඔවුන් වෙනුවෙන් වෙන්කරපු මුදලක් නෑ. 

 

සජිත් ප්‍රේමදාසට මඩගහන්න කට්ටියක් එකතු වේලා. 2015 / 2019 කලේ නිවාස තුන්ලක්ශ අනුහතරදාස් පන්සිය විස්සක් ව්‍යාපෘති 520 යටතේ මිලියන තිස්හත්දාස් එකසිය හැටක් වියදම් කරලා හැදුවා. නමුත් අණ්ඩු මාරුව එක්ක එය ඉදිරියට ගෙන යන්න වුනේ නෑ.. එය බගෙට කරා කියලා චෝදනා කරනවා. නමුත් එය  සම්පුර්න කිරිමට කිසිදු පියවරක් ගත්තේ නෑ. එ වෙනුවට මගේ අසනේ වසම් 46 නිවාස 46 තැනිමේ ව්‍යාපෘතියට මුල්ගල  තිබ්බා. දුමින්ද සිල්වා නමුත් වැඩ ඉවරකර ගන්න බෑරි වුනා.1987 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුනා දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙයි කියලා බයට හදපු අයවැයක් මෙක.

 

අපේ නිවාස හා සංවර්දන අමාතයංශයට සැලැස්මක් තියෙනවාද?  ප්‍රධාන නාගරික ගාමිය නිවාස සදන්න වෙන වෙනම විදිමත් සැලැස්මක් තියනවාද? කොළඹ නගරයෙ අක්කර 900 පැල්පත් නිවාස 68000 විතර 14000 ගියා කියමුකෝ 54000 කියෙනවා. නගරයේ ඉදලත් පහසුකමි භුක්ති විදිමේ අවස්ථාවන් ඔවුන්ගෙන්  උදුරගෙන කියෙනවා. මෙම ඉඩම් වලින් කිසිදු අයෝජන වාසියක් ලබාගන්න සමත් වෙලා නෑ ...මිනිසුන් තමා ඉන්න තැනින් මාරු කරලා හරියන්නේ නෑ. අනායන තහනම් මාෆියාව නිසා මිනිසුන්ට නිවසක් තනාගන්න එක හිනයක් වෙලා..


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්