පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව

පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලුවේය.

ඒ අනුව ඊට අභියාචනාධිකරණයෙන් අවසර ලැබින.

මෙම නඩුව ලෆාර් තහීර්, කේමා සවර්ණාධිපති ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස සිදු වී ඇතැයි සඳහන් කරමින් නීතිඥවරියක් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් අදාළ නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.


මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා කියා සිටියේ, තමන්ට කිසිඳු නොතීසියක් ලැබී නොමැති බවත් ක්‍රිකට් නඩුවට පෙනී සිටි අය මෙයට පෙනී සිටීමෙන්ම මෙහි යටි අරමුණ පැහැදිලි වන බවත්ය.

මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ ට නියෝග කර ඇත.

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කර තිබේ.

සබැඳි පුවත් :
අධිකරණයට අපහාස කරලා ! - හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image