අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ මුදල් අද (දෙසැම්බර් 05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්

වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල ඊයේ (04) බැංකු වෙත ලබාදුන් බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර ඇත.

මෙහිදී සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමිවනු ඇත.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගන්නා ප්‍රතිලාභීන්ට ජුලි මාසයේ සිට හිමිවිය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

shehan x message 1 copy


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්