දැඩි ලෙස හෙලා දැකීමට ලක්වී ඇති කුරිරු නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නැවත වරක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. 


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සිට එක්සත් ජනපද කොන්ග්‍රස් සභාව සහ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන සහ කණ්ඩායම් දක්වා, මානව හිමිකම් ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත්තේ මෙම PTA නීතිය අවලංගු කර රටේ මානව හිමිකම් බැඳීම්වලට ගරු කරන ලෙසයි. 

අද, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී ශ්‍රී ලාංකික දෙමළ ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විවාදයකට සුදානම් වේ. මෙය මෙතෙක් දුර ඒමට පසුබිම් වී ඇත්තේ මෙම වසරේ දෙමළ මහවිරු දිනයේ දෙමළ ජනයා ශෝක වන විට ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අංශ විසින් විශේෂයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් දිගින් දිගටම අත් අඩංගුවට ගැනීම් සිදු කිරීමයි.  

 

GASOHiWWQAAmQR6මෙම දෙමළ ජනයා යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ ආදරණීයන් සෑම වසරකම නොවැම්බර් 27 වෙනිදා සිහිපත් කරන අතර පසුගිය සතිය තුල පමණක් 11කට වැඩි පිරිසක් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විවාදය 2023 දෙසැම්බර් 5 වන අඟහරුවාදා, පස්වරු 2.30-4.00 දක්වා, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8:00 සිට රාත්‍රී 9:30 දක්වා පැවැත්වීමට නියමිතය. 

 

මෙම විවාදය ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ (SNP) පාර්ලිමේන්තු මන්ත්‍රී මාර්ටින් ඩේ විසින් මෙහෙයවනු ලබන අතර බහුතර සිංහල ආධිපත්‍යය දරන ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුලත් සවිස්තරාත්මක දැනුවත් කිරීමේ සටහනක් සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදා හැර තිබේ. 


"සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී හමුදාව යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා තිබුනද ලෝකයේ සෙසු රටවල් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය සබඳතාව එදා සිට දැඩි ලෙස හැඩගස්වා ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් 2011 අප්‍රේල් මාසයේදී වාර්තා කළේ එම අපරාධ සම්බන්ධයෙන් රජයේ සහ දෙමළ කොටි හමුදා යන දෙපාර්ශවයටම 'විශ්වසනීය චෝදනා' ඇති බවයි."

 

යුද්ධයේ අවසන් අදියරේදී බලයේ සිටි ශ්‍රී ලංකා රජය එකල හමුදාවට සහා  සිවිල් රජයට එරෙහිව එල්ල වූ අපරාධ පිළිබඳ බොහෝ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර දෙමළ හමුදා සිවිල් වැසියන් “මිනිස් පලිහක්” ලෙස යොදා ගත් බව තර්ක කළ බව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බෙදා හැර ඇති සටහනේ දැක්වෙයි. 

 

මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් ප්‍රමුඛ රටක් බවට ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම වසරේ සිය වාර්ෂික වාර්තාවේ සඳහන් වන දේ නැවත වරක් මන්ත්‍රීවරුන්ට සිහිපත් කර දී ඇත. 

"විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය (FCDO) විසින් හඳුනාගෙන ඇති පරිදි ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ 'මානව හිමිකම් ප්‍රමුඛතා රටවල්' 32 න් එකකි. FCDO හි 2023 ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වාර්ෂික වාර්තාව, 2022 දෙස ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකාවේ දෙමළ සහා සුළුතර ආගමික කණ්ඩායම් මුහුණ දී ඇති තත්වය මානව හිමිකම් පිළිබඳ විශේෂ  සැලකිල්ලක් යොමු කළ යුතු බව ඉස්මතු කරයි." 

F 8hYBHacAAxqf3

 

වත්මන් වර්ෂය සඳහා වන සිය වාර්තාවේ, FCDO විසින් විවිධ ආකාරයේ අඛණ්ඩ රාජ්‍ය පීඩනයට සුළු ජාතීන් ලක්වීම පමණක් නොව ඔවුන්ගේ මූලික ආගමික අයිතිවාසිකම් පවා ප්‍රතික්ෂේප වී තිබෙන ආකාරය විස්තර කර ඇත. 

 

"සුළුතර ප්‍රජාවන් රාජ්‍ය අධිකාරීන් විසින් දිගින් දිගටම කොන් කිරීමට මුහුණ දී සිටී. රාජ්‍ය අනුග්‍රහයෙන් ඉඩම් අත්පත් කර ගැනීම් හෙවත් ඊනියා ‘ඉඩම් කොල්ලකෑම්’ උතුරු හා නැගෙනහිර ජන සංයුතිය කෙරෙහි ඒවායේ බලපෑම සහ බෞද්ධ නොවන නිකායන්ගේ ඇදහිල්ලේ නිදහස කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව සැලකිල්ලක් යොමු කළ යුතුය. 

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ වින්දිතයන් සඳහා වූ දෙමළ සැමරුම් උත්සවවලට ආරක්ෂක අංශ දිගින් දිගටම බාධා කරන අතර දෙමළ ජනයා ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ බවට අත්තනෝමතික ලෙස චෝදනා කරනු ලබයි. 

කළුකොඩි -සිංහකොඩි සහ ශිෂ්‍ය දේශපාලනයේ උතුර -දකුණ- (මංජුල වෙඩිවර්ධන)
"උතුරු සහ නැගෙනහිර පළාත් වල අතුරුදහන් වූවන්ගේ ක්‍රියාකාරීන් සහ පවුල් ආරක්ෂක අංශවල සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම්වලට නිරන්තරයෙන් මුහුණ දෙති. දෙසැම්බර් මාසයේදී දෙමළ පක්ෂ සමඟ දේශපාලන විසඳුමක් ලබා ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොරොන්දු විය. දෙමළ ඩයස්පෝරා සංවිධාන අටක් ද තහනමින් ඉවත් කර ඇති නමුත් සමහර මුස්ලිම් සුබසාධන සංවිධාන සහ කවියකු වන අහනාෆ් ජසීම් ඇතුළු පුද්ගලයන් තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත. 

 

විවිධ ප්‍රවෘත්ති වාර්තා මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනවල වාර්තාද ඇතුලත් තොරතුරු ගොනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කුරිරු ස්වභාවය සහා එහි ම්ලේච්ඡ අවභාවිතය ගැන සාකච්ඡා කරයි. 

 

PTA ත්‍රස්ත නීතියෙන් හිරේ විලංගුවේ දමා සිටින ගණන 130කට ආසන්නයි

"ඇම්නෙස්ටි ඉන්ටෙර්නැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ 2023 තක්සේරුවෙහි සඳහන් කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) සංශෝධන සිදු කර තිබියදීත්, මුස්ලිම් සහ දෙමළ සුළු ජාතීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් අසාධාරණ ලෙසට පීඩාවට පත් කරන බවයි." 


2023 දී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව සහ 2022 සිදුවීම් දෙස බලමින්, රටේ දෙමළ ජනයා ආයතනික මට්ටමින් සිදුකෙරෙන වෙනස්කම් පෑම් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයද මන්ත්‍රීවරුන්ට  විස්තර දැනුම් දීමේ කොටසේ අන්තර්ගත වේ. 

සත්‍ය සහ සංහිඳියා කොමිසම, සහ ඇතැම් සැලකිය යුතු කරුණු - (විශ්‍රාමික විනිසුරු  රෝහිනි මාරසිංහ)
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව, මිලිටරිය දෙමළ මාධ්‍යවේදීන් අධීක්‍ෂණය කරන ආකාරය විස්තර කරන්නේ, “ඡායාරූපවල පිටපත්, උත්සවවලට සහභාගී වූවන්ගේ ලැයිස්තු සහ ලිපි සඳහා මූලාශ්‍රවල නම්” ඉල්ලා සිටින ආකාරය සහ “දෙමළ යුද සැමරුම් වැනි සංවේදී සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින ලෙස බිය ගන්වන ආකාරයයි. සැමරුම් හෝ ඉඩම් අත්පත් කර ගැනීමේ විරෝධතා මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ නායකයින්ට සම්බන්ධ ඕනෑම දෙයක් පළකිරීමේදී", "ඔවුන්ට අවශ්‍ය විස්තර සම්බන්ධයෙන් සහයෝගය නොදැක්වුවහොත් ප්‍රතිවිපාකවලට බියෙන් සිටින බව" ප්‍රකාශ කර ඇත. 

 

"ප්‍රාදේශීය සහ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව විශ්ව විද්‍යාල අධ්‍යාපනය, රජයේ රැකියා, නිවාස, සෞඛ්‍ය සේවා, භාෂා නීති සහා පුරවැසියන් නොවන පුද්ගලයින් ස්වභාවිකකරණය කිරීමේ ක්‍රියා පටිපාටිවල දී දීර්ඝ කාලීනව, ක්‍රමානුකූලව වෙනස් කොට සැලකීම්වලට ලක් වූ බව ද," එක්සත් ජනපද වාර්තාව වැඩිදුරටත් පවසයි. 

 

කැනඩාවේ සහ ස්විට්සර්ලන්තයේ දූත මණ්ඩල ප්‍රධානීන්ද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හකුලා දමා මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්