කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කර පොහොට්ටුව වට්ටන්න බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී

නාමල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ද නාමල් රාජපක්ෂ කීය.

ඔහු එබව කියා සිටියේ, පොදුජන පෙරමුණේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදී ය.

 පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගා රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරන බව කී නාමල් රාජපක්ෂ, ඊට එක් වන්නැයි   ශ්‍රි ලංකාවාසී සියලු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින්  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 15 දා පස්වරු 1ට පැවැත්වෙන අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිත බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.


අළුත් මුහුණුවරක්..

'' ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමින් ගොඩනැගුන, ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලබපු පක්ෂයක් ලෙසත් ජනතාව වෙත ගොස් ජනතාවගේ බලය ලබා ගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙසත් පොහොට්ටුව පක්ෂය පෙන්වාදිය හැකිය. ඒ වගේම ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ විදිහට මුහුණ දෙන්න සිදුවෙච්ච බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික, සමාජීය කාලසීමාවකට මුහුණ දීපු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වාදිය හැකියි. 

 විශේෂයෙන් අපි බිම් මට්ටමින් පටන් ගත්ත තරුණ දේශපාලන පක්ෂයක් ලෙස අළුත් මුහුණුවරක් සමගින් රටේ අවශ්‍යතාවය, ජාතියේ අවශ්‍යතාවය සහ අපි විශ්වාස කරන්නාවු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් දෙවන මහා සම්මේලනය මෙවර පවත්වනු ලබනවා. මේ වන විටත් ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන අන්දමින් අපේ පාක්ෂිකයින්ට අපි ආරාධනා කරලා තියෙනවා මෙම සම්මේලනයට සහභාගි වෙන්න කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා පොදු ජන පෙරමුණත් එක්ක බැදුණූ සියළුදෙනාට දහවල් 1වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිලා ඔබ ගොඩනගපු ඔබේ දේශපාලන පක්ෂයේ හයිය පෙන්න එන්න කියලා.''
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්