අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින්

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් ට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනුණි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් ඕෂල හේරත් විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින්, ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා 'විනිවිද පෙරමුණේ' ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර තිබිණ.

මෙම පෙත්සම අද (05) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර ඕෂල හේරත් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඊට විරෝධය පළ කළ පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ, මෙම නඩුකරයේ නොතිසි නිකුත් කිරීමට පෙර වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටීමට හැකියාවක් නොමැති බවය.

එහෙත් එම ඉල්ලීමට ඉඩ නොදුන් අධිකරණය වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිය හැකි බව සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ සංශෝධන සිදු කිරීමට පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඊට වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළකළේය.

ඒ අනුව නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙමින් එය නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

සබැඳි පුවත:
ඩයනාට දුන් තීන්දුව විවේචනය කළ ඕෂලට එරෙහිව පැමිණිල්ලක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්