අධ්‍යාපන අමාත්‍යාංශයට අයවැය මගින් 2024 වර්ෂය වෙනුවෙන් වෙන් කර තිබෙන

ප්‍රතිපාදන පිළිබඳව කාරක සභා විවාදය අද (05) පෙරවරුවේ ආරම්භ වූ අතර එහිදී අදහස් පල කළ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බාධා කළ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාගවන් සම්පූර්ණයෙන්ම නිරුත්තරවන පිළිතුරක් ඇය විසින් ලබා දුන්නාය.

නූතන අධ්‍යාපන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යෝජනා කරන බව ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කළද පාසල්වල තාප්ප කඩා වැටී දරුවන් මියයන ඛේදවාචකයක් පවතින බවත් පාසල් දරුවන් මානසික සෞඛ්‍යය දරුණු ලෙස බිඳ වැටෙමින් පවතින බවත් කරුණු සහිතව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දෙනු ලැබීය.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය අතිශයින්ම දුර්වල සහ ඇතැම් කාර්යාල කළමනාකරුවන් හට වැටුප් පවා නොගෙවන බව ප්‍රකාශ කරමින් සිටියදී රාජ්‍ය ඇමති සුරේන් රාගවන් බාධා කළේය.

එයට පිළිතුරු ලබා දෙමින් “මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ, මෙයට පෙර මම නගා තිබූ ප්‍රශ්නවලට ඇමති ලබා දුන් පිළිතුරුවලින්. මම රාජ්‍ය ඇමතිට යෝජනා ඇමතිවරයා ලබා දුන් පිළිතුරු බලන්න කියලා.” යනුවෙන් ප්‍රතිචාර දැක්වීමත් සමග රාජ්‍ය ඇමති සම්පූර්ණයෙන්ම නිහඬ විය.

 ඉන් පසුව පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ වැටුප් ගෙවනු ලබන්නේ එම ආයතනයෙන්ම උපයා ගත් මුදල්වලින් වන අතර ඇතැම් ස්ථීර සේවකයන් හට වැටුප් අඩක් පමණක් ලබා දී ඇති බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්