වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි පොදුජන

පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

හන්තානයේ අක්කර විසි දෙකක් පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම 'හෝම් ලෑන්ඩ්' සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙසේද කීය.

'' අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ක්‍රියා කළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා  දීමේ දී 2020 සිට පසුගිය කාලයේදී බිලියන පහකට වඩා විශාල වංචාවක් කර තිබෙනවා.

 

2020 වසරේ හන්තානයේ ඉඩම් අක්කර 22ක් ලබාදී තිබෙනවා. පර්චස් එක රුපියල් දෙකයි සත 38කට ලබා දී තිබෙනවා. එම අවස්ථාවේම ඔහු 'හෝම් ලෑන්ඩ්'  කියන සමාගමට එම ඉඩම විකුණා තිබෙනවා.ඒ පර්චස් එකක් රුපියල් ලක්ෂ දහය බැගින්. මේ අක්කර 22න් විතරක් මිලියන 2000ක් ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය විසින් වංචාවක් සිදුකර තිබෙනවා.

 

'හෝම් ලෑන්ඩ්' කියන සමාගමට අදාළ ඉඩම දුන්නාට ඉඩම් කොමිස් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපතිවරයාට එපාර්ට්මන්ට් එකක් ලබාදී තිබෙනවා. මේ සභාපතිතුමා අද ඉන්නේ එම එපාර්ට්මන්ට් එකේ. ඊට අමතරව හන්තානේ තවත් අක්කර දහයක් මේ සභාපතිවරයා විසින් 2021 වසරේ මෙලෙස ම විකල්ප ඉඩමක් ලෙස ලබාදී තිබෙනවා. මේ අක්කර දහයේ පර්චස් එකක් ලියා තිබෙන්නේ රුපියල් 78කටයි. මේ ඉඩමත් පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් 'හෝම් ලෑන්ඩ්' ආයතනයට විකුණා තිබෙනවා.



(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්