අන්තවාදය පෝෂණය කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ

අත්අඩංගුවට ගෙන දින හයසීයකට ආසන්න කාලයක් රඳවා තබාගැනීමෙන් පසු ඇප මත නිදහස් කර සිටි ප්‍රකට කවියකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය දෙසැම්බර් 12 වැනි අගහරුවාදා පුත්තලම මහාධිකරණයේ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ විසින් නිකුත් කරන ලද බවයි පළාත් බද අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ.

අහ්නාෆ් ජසීම් නීතියෙන් නිවරදිකරුවකු කෙරුනද, ආණ්ඩුව නිල පිළිගැනීම ඔහු ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන්නකු ලෙසයි. එනිසාම ඔහුට ජීවිකාව පවත්වාගෙන යන්නට සිදුවී ඇත්තේ මහත් අසීරුවෙනි.

 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමින් 2020 මැයි 16 දා පන්ඩාරවේලියේ පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගන්නා ලද අහ්නාෆ් ජසීම් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ජාත්‍යන්තර මානව හිමිකම් වල විරෝධය නොතකා දින 579ක් සිරගත කොට තිබුනි.


 අධිකරණය විසින් ඔහු ඇප මත නිදහස් කර යැවීමෙන් පසුත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගලයකු ලෙස 2023 ජුනි මස 8 වැනිදා ආරක්ෂක අමාතාංශයේ ලේකම් කමල් ගුණරත්න විසින් නිකුත් කරන ලද අංක 2335/16 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අහ්නාෆ් ජසීම් නම් කොට තිබුනි.


අහ්නාෆ් ජසීම්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් 12 වැනිදා සිසුන් හතර දෙනෙකු සහ විදුහල්පතිවරයෙකු අධිකරණයට ඉදිරිපත් කළ නමුත් ඔවුන් ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන බව පවසමින් අහ්නාෆ් ජසීම් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය විනිසුරු නිකුත් කළ බවයි අධිකරණ වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ.

 මන්නාරමුදු අහ්නාෆ් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ගුණසේකර ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියේ ය.

 ත්‍රස්ත නීති යොදාගෙන අහ්නාෆ් ජසීම් හිරගත කර සිටි සමයේ ඔහු නිදහස් කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන රැසක්ම ආණ්ඩුවට බලකර තිබුනි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්