මැන්චෙස්ට සිටි (Manchester City) කණ්ඩායමට මේ ගෙවී යන්නේ ඉතිහාසගත වසරක්.


2023 වසරේදී ප්‍රිමිය ලීග්, චැම්පියන්ස් ලීග්, එෆ්.ඒ.කුසලානය හා සුපර් කුසලානය දිනා ගත්‌ පෙප් වරවියෝලා (Pep Guardiola)ගේ කණ්ඩායම නොබෝදා පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලානය ද දිනා ගත්තේ මේ ශූරතා පහ ම එකවර හිමිකර ගත් පළමු එංගලන්ත කණ්ඩායම බවට පත්වෙමින්.

xfgdfge
මැන්චෙස්ට සිටි කණ්ඩායමේ මේ වසරේ අවසාන වික්‍රමය වාර්තා වුනේ සෞදි අරාබියේදී ඔවුන් ක්‍රීඩා සමාජ ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේ. එම කණ්ඩායම එහිදී බ්‍රසීලියානු ප්‍රතිවාදීන් වන ෆ්ලුමිනෙන්සෙ (Fluminense) කණ්ඩායම ගෝල් 4-0කින් පරාජය කළේ ශූරතා පහකින් සමන්විත විස්මිත කැලැන්ඩර් වසරක් වාර්තා කරමින්.



Kyle Walker“ලෝකයේ සිටින දක්ෂතම කණ්ඩායම අපි බව පසුගිය මාස 12දී අපි පෙන්වා තිබෙනවා. අපේ ප්‍රතිඵලවලින් එය ඔප්පු වන අතර අපි පවත්වා ගෙන ආ ස්ථිරභාවය පුදුමාකාරයි” මැන්චෙස්ට සිටි සමාජ කණ්ඩායමේ නායක කයිල් වෝක (Kyle Walker) සෞදි ජයග්‍රහණයෙන් පසුව Sky Sports ට ප්‍රකාශ කළා.



“ජය ගැනීම සඳහා අප ඉදිරියේ තිබෙන්නේ ශූරතා පහයි. ඒ ලොකුම කුසලාන පහ හිමිකර ගැනීම විස්මයජනකයි. මෙහි කොටස්කරුවෙක් වීමට ලැබීම ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. මේ ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්න ලැබීම මට ලොකු ගෞරවයක් බව මම ඇත්තටම අවංකව කියන්න කැමතියි. මීට වඩා හොඳ කණ්ඩායම් සගයන්ව ඉල්ලන්න මට හැකියාවක් නැහැ.”

තරගයෙන් පසුව මැන්චෙස්ට සිටි ප්‍රධානියා වන පෙප් වරවියෝලා මෙසේ පැවසුවා.


Pep Varaviola“කළමනාකරුවෙක් හැටියට මම වැඩියෙන් ම ආඩම්බර වෙන්නේ අපි සැමවිටම අවශ්‍ය තැන ඉන්න එක ගැන. අපි කොච්චර දිනුවත්, අපි මොන කුසලාන හිමිකර ගත්තත්, ඊළඟ ශූරතාව වෙනුවෙන් සටන් කරන්න අපි නැවත එතන ඉන්නවා.”


“ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම ඇත්තටම විශේෂයි. නමුත් තවත් ශූරතා දෙකක් දිනා ගෙන දැන් මේ ප්‍රධාන කුසලාන පහ ම අයිතිකර ගැනීමෙන් පෙන්නුම් කරන්නේ මේ කණ්ඩායමේ, මේ ක්‍රීඩා සමාජයේ හා එහි ක්‍රීඩා ලෝලීන්ගේ අද්විතීය මානසිකත්වය යි.”

“මෙය වෙනත් කිසිම එංගලන්ත කණ්ඩායමක් විසින් අත්කර නොගත් සාර්ථකත්වයක්. අපි එකට ගත කළ මේ විශ්වාස කළ නොහැකි කාලය ගැන අපට හැමදාම මතක තියේවි.”

zsasds

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image