මහ මඟ දී අමානුෂිකව මරා දැමු සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග හට පහලොස් වසරක් ගතවීත් යුක්තිය ඉටු නොවු හේතු පැහැදිලි කරන ලෙස 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' බලධාරින්ට බල කර සිටි.


නීතියේ ආධිපත්‍යය නොමැති රටක දේශපාලන වියවුල් බව හා ආර්ථික බංකොලොත්භාවය අරුමයක් විය නොහැකි බවයි එම සංවිධානයේ සභාපති කරු ජයසූරිය නිකුත් කරන ලද නිවේදනයකින් අවධාරණය කරන්නේ.

"පුරවැසියාට යුක්තිය ඉටු නොකරන හෝ විශේෂයෙන් ම වින්දිත ප්‍රජාවන්ට සාධාරණයක් ඉටු කිරීමට අපොහොසත් වන රටක් ප්‍රදර්ශනය කරන්නේ ඒකී රටේහි නීතියෙහි ආධිපත්‍යය බිඳවැටී ඇති තරමය. ඒවැනි පරිසරයක් ඇති රටක දේශපාලන වියවුල් බව හා ආර්ථික බංකොලොත්භාවය අරුමයක් විය නොහැකිය. මට ඒ බව සිහිපත් වූයේ ජනවාරි 08 වන දා බොරැල්ල කනත්තෙහි මිහිදන්ව සිටින ලසන්ත වික්‍රමතුංග මහතාට පුෂ්පෝපහාර දැක් වූ අවස්ථාවේහිදී ය."

 

ලසන්ත වික්‍රමතුංග නිර්භීත ජනමාධ්‍යවේදීයෙකු බව පෙන්වා දෙන කරූ ජයසුරිය, ඔහුගේ මාධ්‍ය භාවිතය සෑම විටම අයුක්තියට, අසාධාරණයට, දුෂණයට හා බලකාමී අධිකාරීත්වයට එරෙහි වූ බවයි පවසන්නේ.

 

ඔහුව ඉතාමත්ම සාහසික අන්දමින් අධි ආරක්ෂක කලාපයක් තුළ මහ දහවලේ ඝාතනය කිරිම එහි නියත ප්‍රතිඵලයක් වු බවයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කියා සිටින්නේ.


මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයට වසර පහළොවක් යන තුරු යුක්තිය ඉටු නොවීමට හේතු බලධාරින් නොපමාව පැහැදිලි කළ යුතු බව මෙන්ම යටපත් වි ඇති සියලු පරීක්ෂණ වහාම සක්‍රීය කරමින් ලසන්තට යුක්තිය ඉටු කිරීමට බලධාරීන් පියවර ගත යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්