ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතු බවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී වැඩසටහන කඩා කප්පල් කර නොගත යුතු බවද ජපන් මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවසු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.


තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් සමඟ ජපාන තානාපති කාර්යාලයේදී මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සහ තානාපති මිසුකොෂි හිදෙකි හමුවූ බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසුවේය.

එහිදී මුදල් අමාත්‍යවරයා පණිවිඩ තුනක් ලබා දුන් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ මුදල ගෙවන්නේ නම් පමණක් මෙරට අත්හිටුවා ඇති ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපානය සූදානම් බව එරට මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි එම හමුවේදී ප්‍රකාශ කළ බව ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවැසුවේය.

harsha twit 1 copy


(මුලාශ්‍රය : විමුක්ති එස් රුද්‍රිගු - lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්