විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිමේ අරමුණින් දියත් කර ඇති "යුක්තිය" මෙහෙයුම මත්ද්‍රව්‍ය තුරන් කරන තුරු

අඛණ්ඩම සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙම මෙහෙයුමට ජාත්‍යන්තර මෙන්ම දේශිය වශයෙන් විරෝධය එල්ල වුවද කිසිසේත්ම මෙහෙයුම් නතර නොකර බව අවිස්සාවේල්ල ප්‍රාදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවක් අමතමින් අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය.

“ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇතැම් දේශීය කල්ලි වලින්ද අපට විවිධ අභියෝග, බාධක එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. කුහක, ඊර්ෂ්‍යවෙන් පෙලෙන, රටට විරුද්ධව කටයුතු කරන පිරිස් එලෙස කටයුතු කරනවා. මේ මෙහෙයුමට විරුද්ධව එම පිරිස් ජාත්‍යන්තරයට ලියනවා.පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරීන් ද මීට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මේ පිලිබඳ විවිධ මාධ්‍ය විසින් අපේ මතය කුමක්ද යන්න පිලිබඳවත් විමසනවා කවුරුන් කවර මතයක් පල කලත් අප ආරම්භ කළ මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ.අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.”

රට තුල මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනයට අරගලය ද හේතුවක් වු බවයි ඇමැතිවරයා පවසන්නේ.


“රට තුල මත්ද්‍රව්‍ය හා පාතාලය වර්ධනය වීමට අරගලයද එක් හේතුවක් බවට පත් වුණා. රටටම ව්‍යසනයක් බවට පත් වූ එම තත්වය මර්දනය කිරීමේ සැලසුම් අප සකස් කලේ මීට මාස 6කට පමණ පෙර සිටයි. යුක්තිය මෙහෙයුම ආරම්භ වූයේ එලෙස සිදුකල පුළුල් අධ්‍යයනයන් වලින් අනතුරුවයි.”


රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබාගන්නා, කුඩු නඩු වලට පෙනී සිටින, ඒ මුදල් වලින් යැපෙන අතලොස්සක් නීතීඥයින් යුක්තිය මෙහෙයුමට බාධා පමුණුවන බව කී ටිරාන් අලස් ඇමැතිවරයා “පසුගිය සතිය තුල වැඩබලන පොලිස්පතිතුමාට එරෙහිව නඩු පිට නඩු. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලින් යැපෙන පිරිස් මේ වැඩපිලිවෙල නතර කරගැනීමට එලෙස කටයුතු කරනවා. මේ වන විට අපට ජීවිත තර්ජන එල්ල කරමින් ලිපි එවීමටත් එම පිරිස් කටයුතු කරනවා.” යැයි පැවසීය.

මෙම තත්වය නතර නොවුනහොත් තව නොබෝ දිනකින් නම් ගම් සහිතව එම තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ප්‍රාදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.


Tiran Police 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්