සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ආණ්ඩුවට එක්ව වතු ජනතාව සම්බන්ධයෙන්
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස පත්කර ඇති වඩිවේල් සුරේෂ් ඉදිරි මැතිවරණවලදී ලංකා කම්කරු කොංග්‍රසය සමග සන්ධානගතව තරග කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.

මේ වනවිට ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුව සමග කටයුතු කරන අතර එහි නායක ජීවන් තොන්ඩමාන් ඇමතිවරයකු ලෙස කටයුතු කරයි.

එමෙන්ම එම කොංග්‍රසයේ තවත් ප්‍රබලයකු වන සෙන්දිල් තොන්ඩමාන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.

ලංකා වතු කම්කරු පොදුසේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කටයුතු කරන අතර එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඇමති හරීන් ප්‍රනාන්දුය.

(anidda.lk - ඉඳුවර බණ්ඩාර)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්