මේ වනවිට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයේ, කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය, විභාගය පැවැත්වීමටත් පෙර

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා, ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය.

එසේ රිමාන්ඩ් භාරයට පත් වුයේ, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ දමින්ද ලක්මාල් නමැති කෘෂි විද්‍යා ගුරුවරයෙකි.

අම්පාර විජිතපුර පදිංචිකරුවෙක් වන ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබිණ.

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය, එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.

සබැඳි පුවත් :
උ/පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි - විමර්ශන රහස් පොලිසියට

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්