රුහුණු කුමාරි දුම්රිය නැවතත් හෙට (16) සිට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

බන්දුල ගුණවර්ධන පවසයි. 

මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බව ඇමැතිවරයා කීය.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම් අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවද ඇමැතිවරයා පැවසීය.

දශක හතකට ආසන්න කාලයක් තිස්සේ මාතර - මරදාන යා කළ සිඝ්‍රගාමී දුම්රිය වු "රුහුණු කුමාරි" දුම්රිය ජනවාරි 01 වැනිදා සිට බෙලිඅත්ත දක්වා දිර්ඝ කිරිම අවලංගු කරන ලෙස ඉල්ලමින් මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත පසුගියදා ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබුනේ, සියදහස් ගණන් මගීන් පිරිසකට දශක ගණනක් හිමිව තිබූ පහසුකම දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් අහිමි කරනු ලැබ ඇති බවයි.

උපුල් නිශාන්ත විසින් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි බලපෑමක් ද සිදුකර තිබිණ. 

upul poster


සබැඳි ලිපියක් :
'රුහුණු කුමාරි' මාතරට අහිමි වෙයි ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්