මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තීරණය කළ යුත්තේ මැතිවරණ කොමිසම බැවින් එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව තීන්දු කරන්නේ කෙසේ

දැයි විපක්ෂ මන්ත්‍රීවරයෙකු ප්‍රශ්න කර තිබේ.

“ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක් නිකුත් කරළා නිවුස් එකක් ප්ලාන්ට් කරනවා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව සැප්තැම්බර් මාසෙ ජනාධිපතිවරණය තියෙනවා, ජනවාරියේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව කොහොමද ඒක තීරණය කරන්නේ.” යැයි සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක දී ප්‍රශ්න කළේය.

ජනමතයක් නොමැති ජනාධිපතිවරයාට හෝ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ පැවැත්වෙන කාල සීමාව තීන්දු කිරිමට අයිතියක් නැති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරි මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මැතිවරණය පරාජයට පත්වෙන බව කී මරික්කාර් මන්ත්‍රීවරයා “රනිල් වික්‍රමසිංහ පරදින්න ඡන්දේ ඉල්ලන එක 2005 දී වික්කා.” යැයි කියා සිටියේය.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ හේතු සහිතව ය.

“මම දැඩි විශ්වාසයකින් කියන්න කැමති ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණයක් එනවා කියලා. මොකද පොහොට්ටුවේ පිරිස හොද මුණ හදාගන්න ඔවුන්ගේ කුණු ජනාධිපති රනිල්ගේ පැත්තට දලා ආණ්ඩුවෙන් ඉවත් වන සුදානමක ඉන්නේ. එතකොට ආණ්ඩුව බාර ගන්න කෙනෙක් නැති වුණාම අනිවාර්යෙන්ම මහ මැතිවරණයකට යන්න වෙනවා.”

ඉන් පසුව පවත්වන මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එස්. එම් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්