කඳුරට ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැද දිවි දුන් විරුවන්ගේ දිනය උතුරේ දී සහ කඳුකරයේ දී අනුස්මරණය කර තිබේ. 


එම අනුස්මරණ යාපනය විශ්වවිද්‍යාලයේ දී සහ කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. 

වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය වෙනුවෙන් සටන් වැද සිටියදී පොලිස් සැරයන් සුරවීරගේ රයිෆල් උණ්ඩය 1940 ජනවාරි 10 දින මුල්ඔය ගෝවින්දන්ගේ ජීවිතය බිලිගෙන තිබුනි. 

2019 දෙසැම්බර් 15 දින මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙකේ සංවිධානත්වයෙන් පැවති වතු කම්කරු සමරු උත්සවයකදී මුල්ඔය ගෝවින්දන්ට උපහාර පිනිස සෑම වසරකම ජනවාරි 10 වැනි දින කඳුකර දිවි පිදූවන්ගේ දිනය ලෙස අනුස්මරණය කිරීමට යෝජනාවක් සම්මත කරගෙන තිබේ. 

මෙවර කොටගල කොමර්ෂල් ලේක් ප්‍රදේශයේදී සිදු කළ අනුස්මරණයේ දී, කඳුකර ජනතාවගේ වෘත්තීය සහ අනෙකුත් අයිතීන් දිනාගැනීමේ අරගලයේදී දිවි පිදූ සියළුම විරුවන් සිහිපත් කරමින් පස්වරු 03.30 ට ගිනිසිළුව දල්වා උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. 

එම අනුස්මරණය සංවිධානය කර ඇත්තේ මලෛයග උරිමෛකුරල් සහ පිඩිතලරාතේ යන සංවිධාන දෙක විසිනි. 

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් ජනවාරි 10 වැනි දා යාපනය විශ්වවිද්‍යාලය තුලදී සිසුන් රැසකගේ සහභාගීත්වයෙන් කඳුකර ජනතාවගේ උරුමය වෙනුවෙන් සටන් වැද දිවි දුන් විරුවන්ගේ දිනය අනුස්මරණය කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති. 

Jaffna P 2 Jaffna P 3


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image