ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම

වහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය X ගිණුමේ සටහනක් තබමින් පවසයි.

bvhsbdc
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය නොවැම්බර් මස 6 වැනිදා අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් මස 11 වැනිදා එහි ශ්‍රී ලංකා සාමාජිකත්වය තහනම් කළේය.

කෙසේවුවද ක්‍රීඩා අමාත්‍ය ධුරයට හරින් ප්‍රනාන්දු පත්වූ වහාම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට කටයුතු කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලය පවරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විදේශ අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් ද පත්කරනු ලැබිය.

සබැඳි පුවත් :


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්