ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට

ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

එසේම පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක ඉටු කළ යුතු දිනයන් වෙනස් කිරීමට හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 73 න් 60 ක් ප්‍රමාදයක් සහිතව ශ්‍රී ලංකාව ඉටුකර ඇති බවත් ඉටුකර නොමැති කැපවීම් 13 න් 8 ක් ඉදිරියට ගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ඉතිරි කැපවීම් 5 නැවත ඉටුකළ නොහැකි කැපවීම් වේ.

ඒ අනුව නව කැපවීම් 75 ක් පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක් සහ නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 8 ක් එකතු වී දෙවැනි සමාලෝචනය ආරම්භ කරන විට ඉටුකළ යුතු කැපවීම් 110 සැදී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය කියා සිටියි.

මෙම කාරනා පැහැදිලි කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

wertrtre

 

IMF ශ්‍රී ලංකාව පිළිබඳ 'පළමු වාරික' ඇගයීම නිකුත් කරයි.
2023 නොවැම්බර් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60 ක් ඉටු කරලා
කැපවීම් 13ක් ඉටු කිරීමට නොහැකි වෙලා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත.

මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ.

එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත.

ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දෙවන වාරිකය ලබාගැනීමට අමතර කැපවීම්

නොවැම්බර් මස අවසන් වීමෙන් පසු ඉටු කිරීමට නියමිතව තිබූ කැපවීම් 27ක නියමිත දිනයන් වෙනස් කර හෝ දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ. ඒවා ද, නොවැම්බර් මාසය වන විට ඉටුකළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම නිසා ඉදිරියට ගෙන යන ලදැයි ඉහත සඳහන් කළ කැපවීම් 08ද එකතු කර, කැපවීම් 35ක් ‘ඉටුකළ යුතු’ කැපවීම් ලෙස IMF මීටරය යටතේ වර්ග කර ඇත.

මෙම කැපවීම් 35 (27+8)ට අමතරව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහනට නව කැපවීම් 75ක් එක් කර ඇත. ඒ අනුව, IMF වැඩසටහනේ දෙවනි වාරිකය ලබාගැනීම සඳහා ගමන ආරම්භ වූයේ 'ඉටුකළ යුතු' කැපවීම් 110ක් සමඟිනි.

ආණ්ඩුකරණය සහ විනිවිදභාවය පිළිබඳ කැපවීම්

IMF පළමු සමාලෝචනයේ දී, ජුනි මාසය වන විට ඉටු කිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමු කෙරිණ. එහෙත්, නොවැම්බර් මාසය අවසන් වන විටත් ආණ්ඩුකරණය හා විනිවිදභාවය සම්බන්ධ 'ඉටු නොකළ' කැපවීම් 04ක් තිබිණ.

ඒවා අතරින්,

1) රාජ්‍ය ප්‍රසම්පාදන හා බදු සහන විනිවිදභාවය සම්බන්ධ අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීම සහ

2) දූෂණ විරෝධී පනතේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂවරුන් සඳහා විනිවිද පෙනෙන සහ කුසලතා මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම යන කැපවීම් ප්‍රධාන වේ.


IMF මීටරය යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 17 වැනි IMF වැඩසටහන ආරම්භයේ දී හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කළ පළමු සහ එකම වේදිකාව වේ.

වෙරිටේ රිසර්ච් හි https://manthri.lk/en/imf_tracker හා manthri.lk වෙබ් අඩවිය තුළින් මහජනතාවට ප්‍රවේශ විය හැකිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්