අවසන් රාජසන කතාව සිදු කිරිමට හා ඉවත් කර ගත නොහැකි කෝප් කමිටු සභාපතිවරයාගේ ධුරය අහෝසි වීමට ඉඩ හැරීමට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බව විපක්ෂ මන්ත්‍රීවරයකු පවසා තිබේ.


“මේ වනවිට පාර්ලිමේන්තුව හතරවතාවක් පමණ වාර අවසාන කරලා තිබෙනවා. මොනතරම් අක්‍රමිකතා තිබුනත් කෝප් සභාපතිවරයා ඉවත්කර අවශ්‍ය පියවරක් ගන්න ආණ්ඩුවට කොන්දක් නෑ. ඒ වෙනුවෙන් කරන්නේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන එක. ජනතාවගේ අනාගතය විනාශ කරලා, පීඩිත ළමා පරපුරක් බිහිකරපු ජනපති දන්නවා නැවත ඔහුට බලයට එන්න බැරි බව. රාජාසන කතාව නොකර ජනාධිපති ධුරයෙන් සමුගන්න තිබෙන තාණ්හාව නිසා පාර්ලිමේන්තු වාර අවසාන කරන්නට කටයුතු කරනවා ඔක්තෝම්බර් මාසයට කළින්.” යැයි සජබ මන්ත්‍රී එස්. එම් මරික්කාර් කොළඹ දී මාධ්‍ය වෙත කියා සිටියේය.

නැවත වතාවක් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බව දන්නා වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ධුරයේ උපරිම රස විඳිමට පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බව ද සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක මර්ක්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී එස්.එම්. මරික්කාර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ සිටියදී කළ ප්‍රකාශයක් අඩංගු හඩපටයක් ප්‍රචාරය කිරීමට ද කටයුතු කළේය.

ඒ අනුව එදා ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ, අද වනවිට මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ඔහු කියා සිටියේය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්