වන්නියේ වෙරළ තිරයක පැවැති සැණකෙළියක සරුංගලයක් යැවු පාසල් සිසුවකුගෙන් පොලීසිය අවස්ථා දෙකක දී ප්‍රශ්න කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මුලතිව්, කල්ලපාඩු ප්‍රදේශයේ පිහිටි පාසල් සිසුවාගේ නිවසට ජනවාරි 29 වැනිදා ගිය මුලතිව් පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.

මුලතිව් වෙරළ තීරයේ සරුංගල් සැනකෙලියක පවත්වා ඇත්තේ ජනවාරි 28 වැනි දිනයි. ඒ අවස්ථාවේදීද පාසල් සිසුවාගෙන් ඔහුගේ සරුංගලය සම්බන්ධයෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.

දෙමළ ජන මාධ්‍ය වාර්තා කර ඇත්තේ දෙමළ ඊලාම් සිතියම දැක්වෙන සරුංගලයක් යැවු පාසල් සිසුවාගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති බවයි.

පොංගල් මුට්ටියක් සහ ඒ දෙපස උක් ගස් දෙකක් තබා ඇති ආකරයක්ද සරුංගලයේ දක්නට ලැබෙන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

පහලොස් හැවිරිදි පාසල් සිසුවාගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ මෙවැනි සරුංගලයක් හැදුවේ ඇයි? මේ සරුංගලය ඔයා හැදුවාද? වෙන කෙනෙක් ඔයාට හදලා දුන්නාද? යනාදී ප්‍රශ්න බව ඔවුහු වැඩි දුරටත් පවසති.

එහිදී සිසුවා පවසා ඇත්තේ තමන් මුහුණු පොතේ දුටු සරුංගලයක ආකෘතිය අනුව මෙම සරුංගලය නිර්මාණය කළ අතර එමගින් තමන්ට ජයග්‍රහනයක් ලබා ගත හැකි වනු ඇති බවට තමන් සිතු බවයි.

දෙමළ ජාතික වර්ණ ලෙස යොදාගන්නා කහ සහ රතු පාට ද ඔහු සරුංගලය සදහා යොදා ගෙන තිබේ.

PHOTO 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්