පසුගියදා 'සමගි ජන බලවේගය'ට එක්වූ හිටපු හමුදාපති දයා රත්නායක, තම පක්ෂයට එක්වී ඇතැයි පලවන වාර්තා පදනම් විරහිත බවත් එය තම

පක්ෂයේ කිර්තිනාමය විනාශ කිරීමට කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගත සිදුකර ඇති කුමන්ත්‍රණයක් බවත් 'මව්බිම ජනතා පක්ෂයේ' ප්‍රකාශකයකු පැවසිය.

පසුගියදා සමගිජන බලවේගයට එක්වූ හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක, අද පෙරවරුවේ 'මව්බිම ජනතා පක්ෂයේ (MJP) බොරැල්ල පක්ෂ මුලස්ථානයට ගොස් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණ. එම වාර්තා පදනම් කරගනිමින් 'ද ලීඩර්'  අද පෙරවරුවේ පුවත් වාර්තාවක් පළකර ඇත.

ජයාරූප ද සහිතව පැතිර යන එම ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය පුවතක් බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MJP ප්‍රකාශකය තහවුරු කළේය.

දිලිත් ජයවීර සහ දයා රත්නායක සමීප මිතුරන් වන අතර ඔවුන් දෙදෙනා අතර මිට පෙර හමුවීමකට අදාළ ඡායාරුප කිහිපයක් පළකරමින් සමාජ මාධ්‍ය හරහා නැවත දයා රත්නායක සහ දිලිත් හමුවක් පිළිබඳව පුවත් මැවීමට පිරිසක් කටයුතු කරමින් සිටින නමුත්, එවැනි සාකච්ඡාවක් පවත්වා නොමැති බව අදාළ ප්‍රකාශකය සඳහන් කළේය.

දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයට ලැබෙමින් පවතින ‘දැවැන්ත ජනතා ප්‍රසාදය’ අපකීර්තියට ලක්කිරීමේ අරමුණින් මෙවැනි පුවත් නිර්මාණය කරමින් සිටින බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

daya 240201
සජබෙන් මාධ්‍ය නිවේදනයක්

මේ අතර සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ, මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, තම පක්ෂය  සමඟ එකතු වූ හිටපු යුධ හමුදාපති දයා රත්නායක, මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු වුවා යැයි හැඟෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් පවතින බවත් මෙය අසත්‍ය පුවතක් වන අතර එවැනි සිදුවීමක් සිදු වී නොමැති බවත්ය.

සංසරණය වන ඡායාරූපය පැරණි ඡායාරූපයක් වන අතර එවැන්නක් භාවිතා කොට සිදු කරනු ලබන දේශපාලන ප්‍රචාරයන් තරයේ හෙලා දකින බවද සජබ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා විවිධ පාර්ශවයන් ඒකරාශි වීම තුළ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ඉදිරියේදී ද සිදුවිය හැකි බවත්,  ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවත් කියා සිටියි.

මෙවැනි ඡායාරූප පල කිරීමට පෙර අදාළ පාර්ශවයක් වන ජනරාල් දයා රත්නායක විමසා කටයුතු කිරීම සිදු කලේ නම් එය යහපත් මාධ්‍ය භාවිතයක් බවද සජබ මාධ්‍ය නිවේදනය මගින් කියා සිටියි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්