අත් යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයට ලබාදී ඇති වැට් බදු සහනය බලවේග රෙදි නිෂ්පාදකයින්ට ද

ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රෙදි පිළි නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

දේශීය රෙදි නිෂ්පාදනය සඳහා වැට් බදු පනවා ඇතත් පිට රටින් ගෙන්වන රෙදි සඳහා වැට් බදු පනවා නැති බවයි එම සංගමය පවසන්නේ.

එම හේතුව නිසා පිට රටින් ගෙන්වන රෙදි මිල දේශිය රෙදිපිළිවලට වඩා අඩු බව පෙන්වා දෙන එම සංගමය පාරිභෝගිකයා එලෙස අඩු මිලට නිපදවන රෙදි මිලදී ගැනීමට හුරු වී ඇති බවයි.

pereraආනයනික රෙදිපිළි සඳහා වැට් බදු පනවා නැති තත්ත්වයක් තුළ වැට් බදු ගෙවන දේශීය රෙදිපිළි මිලදී ගැනීමට පාරිභෝගිකයා නොපෙළඹෙන බව ලෙස ශ්‍රී ලංකා රෙදි පිළි නිෂ්පාදකයින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් මේ වන විටත් දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේ සේවකයින් පස් දෙනෙකුට වැඩි කර්මාන්තශාලා 1900ක රැකියාවේ නිරත සංඛ්‍යාව 50000ක පමණ සේවක සංඛ්‍යාවක ගේ රැකියා අහිමි වීමේ අවධානමක් ද පවතින බවයි එම සංගමයේ සභාපති ඊ.ඒ.එන්.එස් පෙරේරා පවසන්නේ.

දැනට ශ්‍රී ලංකාවේ අත් යන්ත්‍ර ක්‍රියාකරුවන් නිපදවන රෙදිපිළි සඳහා පමණක් වැට් බදු සහනය ලබාදී ඇත. මෙම සහනය බලවේග (Powerloom) විදුලිය මගින් මෝටරයක් ක්‍රියාත්මක කර රෙදිපිළි නිෂ්පාදකයින් සඳහාද ලබා දෙන්නැයි සංගමයේ සභාපතිවරයා රජයෙන් ඉල්ලා වැඩිදුරටත් ඉල්ලා ඇත.

(චතුරංග මේදිස්)

  dress

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්