මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ  බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට

යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසති.

සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පත්කරන ලද පාර්ශ්වකරුවන්ගේ කමිටු රැස්වීම අද (12 ) දින මුදල් අමාත්‍යාංශයේදී රැස්වූ නමුත් ඒ හරහා සාධාරණ විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ බවත් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූ නිළධාරීන් විසින් සාධාරණ පදනමකින් තොරව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිගත හැකි මට්ටමක නොපැවති බැවින් හෙට උදෑසන 6.30 සිට නැවතත් වර්ජන ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව විසින් ඒකමතිකව තීරණය කර ඇති බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් නිවේදනය නිකුත් කරමින් වෘත්තීය සමිති නායක රවී කුමුදේශ් පවසයි.

කෙසේ නමුත් රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැලකිල්ලට ගෙන,

• සියළුම ළමා රෝහල්, සියළුම පිළිකා රෝහල්, සියළු මාතෘ රෝහල් තුල මෙම වර්ජන ක්‍රියාමාර්ගය තුලදී ස්වේච්ඡාවෙන් සේවාවන් සැපයීම සිදු කරන බවත්,

• සියළු වකුගඩු රෝහල්, මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ මධ්‍යම ලේ බැංකුව යන ආයතන තුල අදාල සේවාවන්ට විශේෂිත අයරින් සේවාවන් සැපයීමට කටයුතු කරන බවත්,

• වර්ජන ක්‍රියාමාර්ගයට බාධා ඇති නොකරන අනෙකුත් සියළුම රෝහල් වල අදාල සේවාවන්ට අනන්‍ය වන අයුරින් ජීවිත අවධානමට හා ජීවිතාරක්ෂාවට අදාල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් පමණක් සැපයීමට කටයුතු කරන බවත්,

• වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් හා මෙම වර්ජනයේ බලපෑම ද්වේශ සහගත ලෙස අවතක්සේරු කරමින් සේවාවන් අතර අනවශ්‍ය ගැටුම් ඇති කිරීමට කටයුතු කරන ආයතන ප්‍රධානීන් යටතේ වන රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල කිසිඳු සේවාවක් නොසැපයීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන කියා සිටියි.

තවද, මෙම ගැටළුම විසඳීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ලබා ගැනීමට ප්‍රමාණවත් බලතලයක් අදාල කමිටුවට සහ එහි නිළධාරීන්ට නොමැති බව නිරීක්ෂණයට ලක්වූ බව පවසන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධාන, ජනාධිපතිවරයාගේ මැදිහත් වීම ලබා ගනිමින් සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට සමානාත්මතාවය හා සාධාරණය ඉටු කරමින් මෙම ගැටළුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත එළඹෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට බලකර සිටියි. 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්