ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.


ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව ඇත.

 

එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට 35ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 

2023 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබූ අකර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 06 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව තෝරාගත් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට මුදල් අමාත්‍යංශය අවසර ලබා දී ඇත.

ප්‍රතිඅපනයනය කිරීම සඳහා අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයින්ට පමණි.

ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීමේ බලය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා වෙත පවරා ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

(aruna.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image