ජාතික සංවර්ධන ක්‍රියාවලියට සන්නිවේදනමය හා දේශපාලනිකව රාජ්‍ය සේවකයෙකු ලෙස චන්ද්‍රපාල ලියනගේ දැක්වූ දායකත්වයට හරසර

දක්වමින් ගම සංවර්ධනය පිළිබඳ නවමු ප්‍රවේශයක කථිකාවත “රටක් වටින ගමක් හදමු“ මෙම 28 වන දින සවස 3.30ට පදනම් ආයතනයේදී පැවැත්වේ.

විද්වතුන් රැසක් සහභාගීවන මෙම කථිකාවතේදි ජාතික සංවර්ධන ක්‍රියාවලියට සන්නිවේදනමය හා දේශපාලනිකව රාජ්‍ය සේවකයෙකු ලෙස 1994 සිට චන්ද්‍රපාල ලියනගේ දැක්වූ දායකත්වයට හරසර දක්වමින් සිය දිගු කාලීන අත්දැකීම් ඇසුරින් ඔහු විසින් ඉදිරිපත් කරන අනාගතවාදී සංවර්ධන සංකල්පයක නවමු අත්දැකීම මෙහිදී සාකච්ඡා කෙරේ.

මෙහි මුඛ්‍ය දේශනය ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ හා විශ්ලේෂක කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය ගාමිණී අල්විස් විසින් සිදුකෙරේ.

මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමනී වලේබොඩ, ව්‍යවසායක දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ විසින් සංවාද මණ්ඩපයේදී අදහස් දක්වනු ඇත.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය, විරැකියාව, ඇති නැති පරතරය බිඳ දමා ඇති හැකි ශක්තිමත් ග්‍රාමීය නාගරික සහ අර්ධ නාගරික ජන සමාජයක් බිහි කර ගැනීමට මංපෙත් කථිකා කෙරෙන මෙම විද්වත් සංවාදශීලී අවස්ථාව සඳහා එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ඇරයුම් කරයි.


image1

 

image2

 

image3

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්